Thursday, November 5, 2015



හිතෙන හැටි (දවල් හීන ) .


චන්ඩියා
ඉස්කෝලෙ ගුරුවරුන්ට හදිස්සියේම ගුරු රැස්වීමක් .පළාතෙම කවුරුවත් නෑ. අපිට රජ මඟුල්. කොල්ලො චෝක් කෑ ලි ෆයිට් එකක්. හැම එකක්ම වදින්නෙ නෑ. සමහර ඒව පන්තියෙන් එළියටත් විසි වෙනවා. . ටික වෙලාවකින් පන්තිය ගාව එලියෙ සද්දයක්. "අඩ්ඩෝ කවුද අපේ පන්තියෙ පොඩි එකෙක් කැන්ටිමට යනකොට චෝක් වලින් ගහන්නෙ .වල් පරයො පුලුවන්නම් අප්පිට ගහපන් ඩෝ .තොපි ඔක්කොගෙම කලිසන් ඔලුවෙන් ගලෝනවා. " . ඇත පන්තියක නොටෝරියස් පොරක් ගේමට බැහැල .ඒ පන්තියෙ වලි ගැන්සිය අපේ පන්තිය ළඟ . එක විකාරයයි. අපේ පන්තියෙ වලිසුන්දරලා ටික කරුමෙටම ඇබ්‍සන්ට්. පන්තියෙ කවුරුවත් සද්ද නෑ විළි ලැජ්ජාවේ පණ යනවා. උන් සද්දෙ දාල ගියාට පස්සේ එහා පන්තියේ උන් අපිට කෝචොක් පාර දානව. අපිට ඉන්න බෑ . අලුතෙන් පන්තියට ආපු උස මහත පොරක් ටෝක් එක දැම්ම. " උම්ම්බල සෙවලයෙනො බන්. මං මේ අලුතින් ආපු එකා හින්ද ගේමට බැස්සෙ නෑ .අපි ඉන්ටවල් එකේ උන්ගෙ පන්තියටම ගිහිල්ල අං බානක නෙලමු . කවුද එන්නෙ සපෝට් එකට. " හය හත් දෙනෙක් සෙට් වුනා. ඉන්ටවල් එක දුන්නා. මම පළාතේ ගියේ නෑ. හදිස්සියෙවත් තාත්ත දැනාගත්තොත් ...............ගෙදර ගිහිල්ල ඉවරයි. ඉන්ටවල් ඉවර වුනා.සෙට් එකට හොඳට , ඒ කියන්නෙ ඉස්තරම්ම විදිහට ඒ පන්තියෙ කොල්ලො සලකල. අලුත් පොරට විතරක් කිසි දෙයක් වෙලා නෑ .ඌව දැක්ක ගමන් ගුටි කාපු කොල්ලන්ට මාරය නැග්ග ."ඒ පන්තිය ළඟ කෑ ගගහ ඉඳල තෝ කොහෙද යකෝ මාරු වුනේ "අලුත් එකා --"මට මතක නැතිවුනානේ මචං .මම අද උදේ බඩයන්න බිලනෙ ආවෙ. මට හදිස්සියෙම ටොයිලට් යන්න හැදුන. මම එනකං ගේම උඹල දුන්න නං මම ඒ පන්තියෙ ගන්සියටම නෙලනව. " ( මේකෙ භාෂාව අදට උචිත පරිදි අප්‍ඩේට් කලා) ජිවිතයේ සමහර අවස්ථා වලදී අපට කිහිප වරක්ම "බඩයන්න බීපු කට්ටිය " හමු වුනා. වැඩේ කියන්නෙ දැන දැනම අපි "රෑ වැටුනු වලේ දවලුත් වැටිල තියෙන එකයි. මේක මට අද උදේ මතක්වුනේ මගේ මේ ටයිප් කිරිල්ල මමම දැකල. සතියකට දෙකකට ඉස්සෙල්ල මට ටයිප් කරන්න හිතන්නවත් බෑ. හදිස්සියෙ ඇප් එකක් සෙට් වුනා. එක පාරටම ටයිපින් පුළුවන් වුනා. මීට කාලෙකට උඩදී මට ටයිපින් පුළුවන් උනා නම් රාජකාරි වැඩ ඉතා පහසු වෙන්න තිබුනනේ. එහෙනං දෙන්න තිබුන නියමෙට. ඉතිං මට මා ගැනම මුළින් කියපු කතාව මතක් වෙලා තනියම හිනා. චිරප්‍රසිද්ධ ගෑණූ ළමයට පොලිසියෙන් ගහන්න හදන චායාරූපය දැක්ක ගමන් විදුලියක් වගේ හීනියට මතක් වුනේ ඒ කතාව. මම එහෙම හිතන්නේ නෑ .එත් සියේට එකක විතර සම්භාවීතාවයක් තියෙන්නත් බැරි නෑ. කැම්පස් එකේ කතාවක් ( සත්‍ය ) මතක් වුනා. පළමුවෙනි අවුරුද්දේ ඇත ළමයින්ට හොස්ටල් හම්බ වුනානේ. ලොකු කලබලයක් වෙලා අවසානේ රුම් වල යතුරු බාරදීලා විරෝධතා කරුවො ගෙදර යන්න තීරණය කලා. මගෙ යාලුවත් රූම් එක වහල අනික් උන් එක්කම ගෙදර ගියා. මාසෙකින් විතර කැම්පස් පටන් ගත්තහම යතුරු බාර දුන්නු කිසි කෙනෙකුට රුම්ස් හම්බවුනේ නෑ. අපේ මිනිහ රුම් එක වහල ගෙදර ගියාට යතුර සාක්කුවෙ ගෙන ගියහින්ද මිනිහ ගොඩ. කතාව ඇහුව ගමන් මට මතක් වුනේ මොකක්ද කියල හිතාගන්න පුළුවන්නේ . මේක කියන්නේ කාටවත් අපහාස කරන්න නොවෙයි. සමහරු දන්නේ නැතිව කඩේ යනවා. සමහරු කඩේ යනබව කවදාවත් තේරුම් ගන්නේ නෑ . සමහරු අනුන් වෙනුවෙන් දැ න දැනම ටතමාගේ ජිවිතය කැප කරනවා. බුදුවුනේ ඒ උත්තමයෝ.

No comments:

Post a Comment