" සර් ප්‍රසන්ටේෂන් එක හැදුව "
මේ වැඩ කන්ද අස්සෙ හෙට මිනිස්ට්‍රි එකේ රැස්වීමකුත් තියෙනවයි කියල ඊයේ ෆැක්ස් එකකුත් ලැබිච්චි.....
ඔබගේ කලාපයේ ක්‍රියාත්මක කරනලද " අහවල් " කරුණ පිළීබඳ මෙම වර්ෂයේ ප්‍රගතිය දැක්වෙන ඉදිරිපත් කිරීමක්ද එහිදී සිදුකලයුතුවේ. .
අම්මප මේ ඩිරෙක්ටර් කමට වඩා හොඳයි ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් වුනානං . මෙහේ කප්පරකට වැඩ .ඒ අස්සෙ හෙට පන්දරපොල්ලේ පලයල්ලකො මිනිස්ට්‍රි. වාහනයක්වත් දෙන එකක්යැ .දුන්නත් ම්නිස්ට්‍රි හුන්ඩුවේ පාක් කොරන්න ඉඩතියෙන එකක්යැ . .
ඉතිං පැදහල්ලකෝ බස්එකේ. ටයිඑක සාක්කුවේ.කොංපොරංන්ස් හෝල් එකට ඇතුල්වෙනකොට වින්ඩ්සර් නොට් එකට ටයිපොල්ල දාගෙන ගොං පාට් ඇට් කොරන්නත් එපැයි .මං අහන්නෙ ලංකාවට මොටද ටයි. අද්‍යක්ෂ කියන්නේ අප විසින් සේවය ලබාදියයුතු පාරිභෝගිකයනට සියේට එකසිය ගණනාවක්ම වගකිවයුතු ඉහලම මට්ටමේ ජනතා සේවකයා.
ඒ මනුස්සයා ඉන්නෝනේ මිනිස්සුන්ට තමංගේ ගැටළුව කාර්ය මණ්ඩලයෙන් විසඳුනේ නැත්තං බය නැතිව කිට්ටුවෙලා දුක කියන්න පුළුවන් විදිහටනේ. ටයිපොලු දාගෙන රාජඋෂ්නේ පෙන්නගෙන යකාමාක් එකට ඉන්නකොට මිනිහෙක් ලඟට ආවත් එයාගේ හුලං එක බැල්මෙන්ම බහිනවා. ප්‍රශ්නේට ලේසියෙන්ම ලබාදියයුතු විසඳුම හුඟක් වෙලාවට ලැබෙන්නේ නැතිවෙන්නත් පුළුවන්.
එංගලන්තෙට මිසක්කා ලංකාවට ටයි මොකටද.
ඊයේ රෑ දොළහ වෙනකං ප්‍රසන්ටේෂන් එකේ සටහන හැදුව. ඒක අලුතින් ආපු කෙල්ලෙක්ට දුන්න හදන්න .
" එහෙනං බලමු " .
කිරි අප්පට බල්ලො පැනපි කිවුවාලු. එක ස්ලයිඩ් එකකට වචන හැත්තෑවක් විතර දාල.
" දරුවො , පේලි හතරක් විතර එක ස්ලයිඩ් එකකට හදන්න . මේ අකුරු වචන වලට දාල තියෙන ඇනිමේෂන් ඔක්කොම අයින් කරන්න. . මේවා බලන්නෙ වැඩ තියන මිනිස්සු. වචනෙන් වචනෙ කැරකිලා එනකොට බලාගෙන ඉන්න අයගෙ ඇසුත් කැරකෙනවා. වැඩ මදිවට රූපත් කරනං ගහනකොට බලාගෙන ඉන්න අනික් ඩිරෙක්ටර්ලට ඌරු ජුවල් යනවා ".
" මං හදල ගෙන්නං සර් "
" හරි හරි බයවෙන්න එපා. ඔයාට සෙකන්ඩ් අපර් එකකුත් තියෙනවනේ. ඉතින් හොඳට හිතල හොඳයි ටිකයි විදිහට , බලාගෙන ඉන්න එක්කෙනාට හොම්බට ඇන්න වගේ එකපාරටම තේරෙන විදිහට හදන්න."
" සර් අහවලාගේ තාත්තගේ බොඩි එක ගෙදර ගෙනල්ලලු. "
"එහෙනං අද රෑ යමුද"
" ඔවු සර් කට්ටියක් හවසම යන්න කැබ් එකකුත් ලෑස්ති කරලා "
කොහොම කොහොම හරි කට්ටියම හවස් වෙලා මළ ගෙදර ගියා . අදාල නිලධරයාගේ තාත්ත තමයි නැතිවෙලා තියෙන්නේ. සිද්දවුණු දේ එයා අපිට විස්තර කරනවා.
" පොර පෙරෙයිද හවසත් වෙනද වගේම ටවුන් පැත්තේ ගිහිල්ල ආව. "
"පස්සේ පොර වොෂ් එකකුත් දාගත්ත ".
" පොර තේ එකකුත් බීල පත්තරේ ඉතුරු ටිකත් බැලුව "
" පොරට කිසි අසනිපෙකුත් තිබුනේ නෑ"
විස්තරේ දිගට යනවා.
" පොරට , පොරගෙ , පොරත් ..................."
ඔහොමම තමයි විස්තරේ. කට්ටි දෙක තුනක් ආපු හින්ද ඒ ගොල්ලන්ට කතා කරන්න යන්න අපේ යාළුවා මඳකට අපෙන් සමුගත්ත. . අපේ කට්ටිය මූණෙන් මුණ බලාගෙන ඉන්නවා.
" ඇත්තටම මිනිහාගේම තාත්තද මැරිලා ඉන්නෙ ".
" ඔවු , ඔවු ඒ වුනාට මටත් උං හිටි තැන් අමතක වෙලයි උන්නෙ මේ පොර කතාවට "
"මං හිතන්නෙ මැරිලා තියෙන්නෙ පොරමොලාද කොහෙද "
කතාව අහගෙන හිටපු මට ඉබේම කියවුනා.
ඔන්න අපේ පොරවල් !!
No comments:
Post a Comment