හිතෙන හැටි ( දවල් හීන )
ආගම පිළිබඳව මගේ අදහස් කියවනවිට බොහෝ සෙයින් පරිස්සම් වන ලෙස මුලින්ම ඉතා ගවුරවයෙන් ඉල්ලසිටිනවා. මා බොදු දහම පිළිබඳව ගැඹුරට හැදෑරු හෝ , පාලි බස පිළිබඳව දැනුමක් ඇත්තකු හෝ ප්‍රමාණික විද්වතකු නොවේන නිසයි ඒ . .
මා මුල් ලිපියක බුදුදහමට නොඑක් අයගේ අදහස් එක්වීම නිසා එය මුල් අදහසින් යම් තරමකින් හෝ බැහැරවීමට ඉඩ ඇතිබව ප්‍රකාශ කලානේ. ඉතින් ඔබ මගේ අදහස් කියවනවිට රතු පැහැයෙන් දවන පොල්කටු අඟුරු කැබැල්ලක් ඔබේ අතින් අල්ලනවා යයි සිතන්න. එසේ නොමැතිව ඒවා බුදු දෙසුම් වටහාගත් අයෙකුගේ කියමන් යයි සිහිනයකින් හෝ සිතන්නටවත් එපා. .
අෂ්ට ගරු දර්ම පිළිබඳව කුඩා කාලයේදී සිටම මගේ සිතේ කුකුසක් පැවතුනා. බුදු දහමේ එන ඥාන වෘද්ද , ගුණ වෘද්ද , වයෝ වෘද්ද වැනි සංකල්පවලට මෙය පටහැනියි වගේ. බොහෝ ගුණ නුවනින් අගතැන්පත්වූ , පිළිවෙත් සපුරා බුදුමගෙහි ඉහල තලයකට පත්වූ භික්ෂුණින්වහන්සේනමක් අද උපසපන්වූ ස්වාමින්වහන්සේනමකට වැඳීම මා මුලින් සඳහන්කල සංකල්පවලට හා බුදුන්වන්සේගේ වෙනත් ක්‍රියාවන්ට නොගැලපෙනවා වගේ.
. කොහොමත් කාන්තාවන් දහමට නැඹුරුවීම සිදුවූවිට දැඩි අදිටනකින් යුක්තව දහම් මඟෙහි ගමන්කරනබව අදටත් පෙනෙන සත්‍යයක්. ඔවුන් පවිදිබවට පත්වූවිට දර්මය ඉගෙන පිළිවෙත් සපුරා දැඩි වීර්යයකින් මහණදම්පුරා බොදු මඟෙහි ඉහලටම ගමන්කර උත්තමියන් වන්නට ඇති.
. පුරුෂ පක්ෂයට වඩා ගුණයෙන් නුවනින් ශිලාදී කරුණුවලින් බබලන්නට පටන්ගන්න ඇති. මහජන ගවුරවයට ඔවුන් පත්වීම නොරිස්සු පුහුදුන් භික්ෂුන් පැවති යම් යම් විනය කරුණු වෙනස්කරමින් මම අට ගරු දහම් ක්‍රමයෙන් සම්මත කරගන්නට ඇති
. අදපවා ප්‍රවේගකාරී අදහස් ක්‍රියාවට නංවන භික්ෂුන් අප රූපවාහිනියෙන් පවා දකිනවානේ . ඇතමුන් අයිතිවාසිකම් දිනාගැනීමට යැයි කියා ප්‍රතිපාදන කොමිසමේ වහලට පවා නගිනවිට සමහර උන්වහන්සේලා කීමට අපහසු තරම් දුක් අනුභවකරමින් අප්‍රතිහත දයිර්යයෙන් කටයුතුකරමින් බොහෝ ඇසූපිරූ තැන් ඇතිව දායකයින් නොමඟ නොයවා මේ මොහොතේදී පවා තමාගේ සිත රැකගතයුතු අයුරු පිළිබඳව දම් දෙසනවා ඔබ අසා ඇති . .
රුපවාහිණී නාලිකාවල යන ප්‍රවුත්ති නමින් ප්‍රචාරය කරන ඕපාදුප , ඉස්මතුකරන වයිර ක්රෝද වැනි මනෝභාවයන් , සාකච්චා සංවාද වලදීද පලිප්පු දමනසැටි ඔබ දකිනවා ඇති ඒ අතර බවුද්දයා වැනි ඒවායේ යන අතැම් දෙසුම් වල ඉදිරිපත් කරන විග්‍රහකරන කරුණු ඇත්තටම ආනන්දජනකයි
. ශරීර අවයව වැනීමෙන් හෝ රළුවදනින් විප්ලව කරන හාමුදුරුවරුන්ට වඩා ඉතා ගැඹුරු දහම් කරුණු ලැබි ඇති කුඩා කාලසීමාව තුල මැනවින් කළමනාකරණය කරගෙන මුදු වදනින් ලෝකය පුරා වෙසෙන අපවැනි දුහුනන් හට බුදු වදනේ ආලෝකය දෙන උතුමන් කරන මානසික විප්ලවය වඩාත් සොඳුරුයි. හිතකරයි . ප්‍රතිපල දායකයි මම පුදපුජාවලට වඩා බුදුදෙසුම් වලට කැමතියි .
. අවුරුදු සියගණනක් තිස්සේ මුල් බුදු දහම තිබෙන්නට ඇති . එහි පුදපුජා වලටවඩ සිත දුනුකරමින් විමුක්තිමඟ යන්නන් බහුලවන්නට ඇති .උන්වහන්සේලා ලබන ගවුරව වලට ගිජුවූ අන්‍යයන්ගෙන් සසුන බේරාගැනීම සඳහාද සංගායනා උපකාරවුනා . බුද්දිමය සංවාද වලට වඩා මිනිසුන් හාස්කම් දේවසංකල්ප ආදියට නැඹුරු වීම ඉතා පහසුයි .ඉතින් ඔවුන්ගේ දෙවියන් සමග නොසමවීම සඳහා දෙතිස් මහා පුරිස ලකුණු , අසු අනු ව්‍යංජන වගේ කරුණු බුදුරුවට එක්කරන්නට ඇති. ඒ කොහොම වෙතත් සිදුහත් කුමරු අසාමාන්‍ය හැකියාවන් හා ඉතාමත් ලක්ෂණ ( බැලූවිට දෙවියෙකු මෙන් පෙනෙන )හා අසාමාන්‍ය බුද්දියක් සහිත සාමාන්‍ය රාජ කුමාරයෙක් ( කිඹුල්වත , ලිච්චවිය මෙන් ගන රජයක් නිසා ) වන්නට ඇති
. . බුදුන් අවසානයේදී ලේ සහිත පාචනය සෑදී ගසක් මුල වැඩසිට ආනන්ද හිමියනට ජලය ගෙනෙන ලෙස පැවසු අවස්ථාවේ තම සිරුර
නිරත්තන්ව ඛලිං ඝ්රන් .
මගේ සිරුර දිරාගිය දර කොටයක් මෙන් ඵලක් නැති දෙයක් . යැයි පැවසීම උන්වහන්සේ සාමාන්‍ය මිනිසකු බව නිරුපනය වන හොඳ අවස්ථාවක්. . එයින් උන්වහන්සේ නිරුපනයකළ වෙනස්වීමේ ලක්ෂණය කොතරම් ගැඹුරුද. . බුදුන්වහන්සේ දෙවියන් නම් රෝ දුක් පීඩා නොමතිව රුපය ජරාවට පත්නොවී චුතවීමට තිබුනානේ.
. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඕනෑම කෙනෙකුට බුදුවීමට හැකිබව නමැති සංකල්පයයි. ඒ සඳහා යායුතු මඟද උන්වහන්සේ විසින්ම වදාරා ඇතිබවයි. කර්මය හා කර්මඵලය සත්වයා තමාගේම ක්‍රියාකාරීත්වයෙන් ඇතිකරගැනීමත් ඔහුටම එය වෙනස්කරගැනීමේ හැකියාව ඇතිබවත් මිනිසාට එය අභිබැවිය හැකිබවත් අද මිනිසාටද අත්වින්දියහැකි සත්‍යයක්. බොරු අටෝප අත්හලවිට බුදුහිමි නමැති උත්තම , මහා ගුණැති , මහා ප්රග්‍ඥාවන්ත මිනිසා මවාගැනීමට හැකියි
. . සුත්‍ර , අභිදම් ආදිය ඇසුරුකොටගෙන දම් දෙසන හා ඒ මඟ යන බොහෝ ස්වාමින්වහන්සේලාගේ ඇසුර අපට නිබඳව ලබාදෙන බවුද්දයා මාද්‍ය ජාලය සැදූ හිමියන් මහා සම්පතක්. . මිනිසා , මිනිස් ස්වභාවය , සිතිවිලි , මනෝවිද්‍යාව පිළිබඳව උන්වහන්සේ තරම් කියුවකු මා නම් අසා නැහැ. උන්වහන්සේ දෙවියකුමෙන් නිරුපනය නොකර මහළු කාලයේදී සිටි අයුරුත් චිත්‍ර ප්‍රතිමා ආදියෙන් දක්වුවානම් කොතරම් අගෙයිද. . අනුරපුර සමාධි පිළිමය , අවුකන ...................ආදී පිළිම මෙන්ම දුෂ්කරක්‍රියාව දක්වන අනුරුවද උන්වහන්සේගේ කැපවීම විර්යය .............ආදිය දැක්වෙන්නක්.
. කවුරුන් හෝ කලාකරුවෙක් උගත් හිමිනමකගෙන් බුදුන්ගේ අවසන් කාලය පිළිබඳව දැනගෙන විවේක බුද්දියෙන් ශ්‍රද්දාවෙන් යුතුව නිර්මාණ කරනවානම් ................
. පවුද්ගලිකව මා නම් බුදුන් හා දර්මය සංගයා හැර කිසිවක් උතුම්කොට සලකන්නේ නෑ. බෝදි පූජා , අපිටම සෙත් පතාගන්නා බොදු මන්ත්‍ර වැනි කොටස් ආදිය පසුව එකතුකළ දේ ලෙසයි හඟන්නේ . විපත් වලදී පිහිටවන , ආශ්චර්ය සිදුකරන මජික්කරුවකු , දෙවියකු හෝ යකෙකු වැනි ( දෙක පහේ කෙනෙක් -සාමාන්‍ය ව්යවහාරය ) කෙනෙකු හෝ සමකල හැකි කෙනෙකු නොවේ මා දකින බුදුන්වහසේ. මා දෙවුලොව ගෙනයාමේ හෝ නිරයට හෙලීමේ හැකියාවක් උන්වහන්සේට නැහැ. වරදට දඬුවම් දෙන්නකුත් , ගලවාගන්නකුත් නොවේ. උන්වහන්සේගේ නිර්මාණයක් නොවේ බොදු මඟ. එය කාලයෙන් වැලලිගිය මඟක් නැවත පාද ගැනීමක් පමණයි.
No comments:
Post a Comment