ඔන්න භව්තික විද්‍යාව හරි ඒ වගේ වෙනත් විෂයයක් ගැන හරි ලෝකපූජිත මහාචාර්යවරයෙක් සභාවකට දේශනයක් කලා කියල හිතමු. ඒක අහන්න අවිල්ලා ඉන්නවා විවිධ මට්ටමේ අය.
එම විෂයය ගැන පී එච් ඩී වගේ දැනුමක් ඇති අය එම උගතා විසින් කෙටියෙන් පැවැසූ දෙය තමාගේ දැනුම හා බුද්ධිය අනුව විමසා බලා තේරුම්ගන්නවා . වෙනත් අයෙකුට එම ගැඹුරු කරුණු හොඳින් නොතේරුණත් සරලදේ තේරෙනවා. ගැඹුරු වචනවල අර්ථය ඔහු දන්නා , අසාඇති ඔහු අත්විඳි ඔහුට සිතාගතහැකි ඔහුට මවාගතහැකි අයුරින් වෙනත් අයට විස්තර කරනවා. එයා කියනදේ අහගෙන ඉන්නෙ මුල්සභාවට නොගිය පිරිසක්. ඒ අය මේ එක්කෙනා කියනදේ තමුන්ගේ මට්ටම අනුව හිතාගන්නවා වෙනඅයටත් කියනවා. ඉතින් මුල්උගතාගේ දේශනයේ ඇති වැදගත් කරුණු අඩංගු (අපේ ජීවිතයට මහත්සේබලපාන ) කියමන දෙවෙනියෝ තුන්වෙනියෝ අතින් අපට ලැබෙනවා. අපිත් අපිට තේරෙන විදිහට තේරුම් ගන්නවා. ඉතින් අපිට ලැබෙන්නේ ,නිශ්චිතවම මුල් උගතා විසින් පැවසු කරුණුම නෙමෙයි. එහෙම වුනත් මුල් පණිවිඩයේ අඩංගු අදහස් වලින් බොහෝ දේ යම් යම් නිවැරදි නොවන කරුණු සමග අපිට ලැබෙනවා. .
මට හිතෙන හැටියට අපිට ලැබෙන බුදුදහමත් ඒ වගෙයි. සංගායනා කීයක් තිබුනද හෙළඅටුවා බුද්ධගෝෂ හිමියන් විසින් එකල ජාතයන්තර භාෂාවවූ පාලියට හෙළ අටුවා පරිවර්තනය කලාලුනේ . ඉන් පසු හිතාගන්න බැරි විදිහට එම හෙළ පොතපත විනාශ වුනාලු. අපි ඉගෙනගන්නා කාලේ අචාර්ය ..........හිමි පැවසුවා හෙළ අටුවා විනාශවීම ඉතා සැක සහිත සිදුවීමක් බව.
එකල බොහෝ බෙදීම් වලට ලක්වූ ඉන්දියාවේ මහායාන බුදුදහම , නැවත නැගෙමින් පවතී හින්දු දහම , එමෙන්ම සිරිලක දර්ම ශාස්ත්‍රීය ප්‍රබෝදය නොරිසි විදේශීය බලවේගවල අදිසි හස්තයකින් හෙළ හිනයානයේ පැවති දහම් පොත් හා සබැඳි බුදු දහමේ හරයට මහායාන විසිතුරු ඇදහැලි පුජාවිදි දේව ඇදහැලි වැනි දේ සියුම්ව එක් කිරීමට හෙළ අටුවා විනාශ කිරීම හා පාලිය සිරිලක බුදුදහමේ ග්‍රන්ථාගත භාෂාව වීම හෙතුවුවාද යන්න සැලකිය යුතුය. .
ලොව මෙන්ම සිරිලකෙහිද සැමදා බලය හා වෙනත් කරුණු සඳහා අරගල තිබුණා. සිරි ලක රජවරු රජකමට උරුමය තිබූ අන් සියල්ලන් බොහෝවිට යටපත්කොට දුර්වලකොට විනාශ කලබව ඉතහාසය කියවනවිට හැගෙනවා . (ඒගැන අවභෝදයක් ලබාගැනීමට 1970 සිට අද දක්වා ලංකාවේ දේශපාලනය දෙස පසෙකින් සිට මැදහත්ව නිරීක්ෂණය කිරීමෙන් අවභෝදයක් ලබාගැනීමත් ප්‍රයෝජන වන්නට පුළුවන් ) එමෙන්ම නොඑක් මතවාද ඇදහැලි අවුරුදු දෙදහස් ගණනාවක් තිස්සේ සිරිලක බුදුදහමට ක්‍රමයෙන් කාන්දුවුනා. පොතපත පුස්කොලවලට නැවත නැවත පිටපත් කරද්දී අකුරු වෙනස් වුනා. අලුත් පාඨ එකතුවුණා , අඩුවුණා විදේශීය ආක්‍රමණ , දේශීය කැළඹිලි ආදියේදී බුදුදහමද පරිණාමයට බඳුන්වුනා .නොයෙක් මුල් අරුත් යටපත්වුණා , වෙනස්වුනා , විකුර්තිවුනා .අද අපිට ලැබීඇති බුදුදහම එවැන්නක්. එය මේ තරමින් හෝ රැකගෙන අපහට ලබාදීමේ පුර්ණ ගවුරවය ජිවිත පරිත්‍යාගයෙන් සසුන රැකගත් සිරිලක සඟ පරපුරට අත්විය යුතුමයි. .
ඇතැම් බොහෝ කරුණු අතිශය වෙහෙසක් දරා පරිශිලනය කල , ප්‍රගුනකරන නිහතමානී හිමිවරු බුදු දහමේ හරය කරා දර්මදේශනා මගින් ශ්‍රාවකයා යොමුකරවීම ආනන්දජනක කරුණකි.
No comments:
Post a Comment