හිතෙන හැටි ( දවල් හීන ) .
ස්ථාන මාරු ලිපියක් හම්බවුනා අම්පාරට .1982 දී. පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකෙන් අහගත්තා බස් තියෙන වෙලාවල්. රෑට බස් දෙකයි. පහටයි , හයටයි ගාස්තුව රුපියල් පනහක් වාගේ. බස් එකක නැගල රෑ තිස්සේ ගියා. පැල්මඩුල්ලෙන් හැරිලා ඇඹිලිපිටිය , වැල්ලවයාය , මොනරාගලත් අඳුරේම පහුවුනා.
සියඹලාණ්ඩුව පහුවෙනකොට එළිය වැටුනා...... අම්පාරෙන් බැස්සා .අවශ්‍ය කටයුතු කරලා ඒ කඩෙන්ම උදේ තේ බිවුවා. ලිපිය පෙන්නලා මුදලාලිගෙන් ඇහුවත් එයා දන්නේ නෑ. හැමෝම එකතු වෙලා තැන හෙවුවා. කොන්දොස්තරලාගෙන් අහල මට බස් එකක් පෙන්නුවා. මතකනේ , ඒකාලේ තිබුනෙ ගස් කුරුල්ලො එහෙම හිටපු රුපියල් දෙකේ කොළ. කොන්දොස්තර ටිකට් එක දුන්න. 10.50 යි. මාව උඩගියා. ! දවල්ට බත් කන්න මහඔය නැවැත්තුවා .
හවස හතරට විතර පදියතලාවෙන් හරවලා හැතැම්ම පහක් විතර ගුරු පාරක ගිහිල්ල බස්සෙක නවත්තල කිවුව මේ පාරෙ දිගටම යනකොට තැනට යන්න පුළුවන් කියල. මිනිහෙක් එක්ක ටිකක් දුර ගියා. එයා නැවතුන තැන ඉඳල තනියෙන්. . ටිකක් කැලේ වාගෙ. හතර මං හංදියක් හම්බවුනා .මට හිතාගන්න බෑ කොයි පාරේ යන්නද කියල. හොඳටම හවස් වේගනත් එනවා. ඉස්සරහටම යනවද , හැරිලා යනවද ? දෙපැත්ත බැලුවා. වැලි පාරවල් දෙකේ ගස් වල අතු වියනක් වගේ හාවෙච්ච ගතියක් පෙනුනා . මගේ හිතට ඇල්ලුවේම නෑ.
කියන්න මතක නැතිවුණා .මම පදියතලාව ගැන අහල තිබුන. ආර් එල් . ස්පිට්ල් ගෙ " මැකිගිය දඩමං " පොතේ පොරමොලා ට වලහ ගහල ගෙනාවේ මහව ඉස්පිරිතලේටද කොහෙද. එකේ පදියතලාව ගැනත් තිබුන.
පස්සේ දැනගත්තෙ දෙපැත්තට වැලි පාරවල් වගෙ තිබුනේ වතුර හිඳිච්ච ඔය. ඒ පාරවල් දෙකින් එකක ගියා නම්. ? වන සත්තු රෑ වෙනකොට ගණුදෙනුව හොඳට බේරයි. මම කෙලින්ම ඉදිරියට ගියා. යනකොට බස් එකෙන් බැස්සට පස්සේ පළමුවෙනි ගේ පැල දැක්කා .තව ඉස්සරහට යනකොට මගේ අභිනව සේවා ස්ථානය හම්බවුනා. .
මේකට මීට අවුරුදු තිහ හතළිහකටත් සමහරවිට පනහ හැටකට පෙරත් කොළඹින් මිනිස්සු සේවයට එන්න ඇති නේද. ඒ ගොල්ලෝ පදියතලාවේ ඉඳන්ම දවල් හෝ හවස පයින් තමයි තට්ට තනියම සමහරවිට එන්න ඇත්තේ. . එදා පාර වැරදුනා නං . . කොහොම ඇතිද .? මගේ ඇටකටු කෑල්ලක් දෙකක් හම්බුවෙන්න තිබුන. මම වගේද අවුරුදු පනහකට විතර ඉස්සෙල්ලා ගිය කට්ටිය .ඒගොල්ලෝ තමයි අඩුම පහසුකම් යටතේ නියම දුෂ්කර සේවය කරන්න ඇත්තේ.
ඒ කාලෙ අපි කිසි දෙයක් ගණන් ගන්නෙ නැති කොල්ලො. ශේවින් ක්‍රීම් ගාන එක නවත්තල නියම කොල්ලො වෙන්න සන්ලයිට් සබන් ගාල රැවුල කපපු.
ඕනේ තැනකට යන්න සුපිරි පාරවල් , රෑ දවල් විනාඩි ගානෙන් ගානට දුවන බස් , හැම ගෙදරම වගේ කාර් මෝටර් සයිකල් ,ස්මාර්ට් පෝන් , ස්මාර්ට් සිතියම් තියෙන මේ කාලේ කොළඹ අවටම සේවාස්ථාන ලැබිලත් ඒවා බාරගන්නේ නැතිව රටේ නැති එක එක්කෙනාට කියල ගෙදර ළඟටම පත්වීම ඉල්ලගෙන එන උපාධිදාරීන් දැක්කම මට ඇතිවෙන ලැජ්ජාව කියන්න බෑ.
කැම්පස් එකේදී කඳුළු ගෑස් , වතුර ප්‍රහාර , මහා පා ගමන් , දින ගණන්වල මහා උපවාස කරපු , රටේ සම්පත් , අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුණු අපේ නියම කොල්ලොද / කෙල්ලොද මේ ඔක්කොම ගැන නොවෙයි වැඩිහරියක් ගැන ඇඬේන්නේ තනි ඇහැට .!
hithena-hati.blogspot.com

No comments:
Post a Comment