පොඩි කාලෙ නං අපි කිවුවේ දෙයියො වලං හෝදනව කියල.මේකනං එසේමෙසේ වලන්
හේදිල්ලක් නෙමෙයි . දෙයියන්ගෙ මඟුල් ගෙදරක වලං හේදිල්ලක් වගේ . ඊයෙ උදේ
පටන් ගත්තෙ. පොදේ කැඩෙන්නෙම නෑ .......
. සීතලේ , රෙදි පොරෝගෙන
හිටපු මම උඩවීසිවෙලා ඇහැරුනා. පාන්දර තුනහමාරයි . බෙර සද්දේ. යකඩ කටවල්වල
සද්දේ .පන්සලේ කටින පෙරහැර . කටින චීවරය වඩම්මවනවා. ගේට්ට්ටුවේ ලයිට් දෙක
දම්මා .
එකක්වත් පත්තුවෙන්නෙ නෑ .වෙලාවටම ලයිට් දෙකත් කොටිය කාල. මේ පාන්දර චුරුචුරුවෙ මහ කරුවලේ ලයිට් හදන්නයැ .
. ආධාරෙට රුපියල් පන්සියක් ගෙදරින් දීල තිබුන. වැස්ස හින්ද
පන්සල් පැත්තෙවත් ගියෙ නෑ. තෙමෙයිකියල කම්මැලිකමට. දැන් ඉතිං මොනව කරන්නද.
මොකුත් දන්නෙනැති උක්කුං බබා වගෙ නිදියගන්නවා මිසක්.
. විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ .කම්මැලිකමේ රඟේ තේරෙන්නෙ යාම රජ්ජුරුවො ගාවට ගිය දවසට තමා.
No comments:
Post a Comment