Tuesday, November 17, 2015

හිතෙන හැටි ( දවල් හීන )
( නිමැයුමක් )

අවුරුදු තිහක් වත් නෑ . ඒත් අළුතින් ආපු මිස් මල ඇණයක්.
. එයා කියනව " දුවේ ,මට ඔයා මගේම දුවෙක් වගේ. ඔයා රෝස මලක් " කියල. තාම මාස එකහමාරයි ඉස්කෝලෙට ඇවිල්ල .ඒත් පන්තියෙ කෙල්ලො සෙට් එක ගැන රබර් ඇහැ දාගෙනමයි ඉන්නෙ.
තාත්ත හිතාගෙන ඉන්නේ මම තාම උකුල උඩ තියාගෙන හුරතල් කරන්න පුළුවන් කියල.
උකුල කිවුවහම මට මතක්වුනේ ...............ඒක නම් කාටවත් කියන්නෙ නෑ .
. අළුත් මිස් කියනව " මම සති දෙකක්ම බලා හිටියෙ. එක පාරටම ඔයාගෙ ගණන් වරදින්න ගත්ත. මට ඔයාගෙ ඇස් දිහා බැලුවහම වෙනස තේරුණා" කියල.
. කාටවත් නොදැනෙන්න මාත් එක්ක ගොඩක් කතා කලා. යාලු වුනා. එක එක විස්තර අහන එකට නම් මම කැමතිම නෑ.
. මාරු වෙලාගිය පරණ මිස්ගෙන් නම් මේවගේ වදයක් නෑ. වැඩ දුන්න .පොත් බැලුව. ගියා.
. තාත්තගෙනුයි අම්මගෙනුයි කොහොමහරි ශේප් වෙන්න පුළුවන්.
. ඒත් මෙයාගෙන්නේ මළ වදේ.

No comments:

Post a Comment