හිතෙන හැටි ( දවල් හීන ) .
වන්දනා සමිතියට ගමේ මිනිස්සු හවස ගෙදරට එක්කහුවෙන්න පටන්ගෙන . ගමේ හැමෝමවගේ අපේ නෑදෑයො වෙනවා .අපේ ගමේ ඒකාලේ වැඩියෙම හිටියෙ පරම්පරා දෙකක කට්ටිය .එක ගොල්ලකට අයිති අයට මට කියන්න වෙන්නෙ බාප්පා , මහප්ප .අනිත් අය මාමල.
ඒ කාලේ අපි හිටිය ගෙදර ලොකු ඉස්තෝප්පුවක් තිබුන .එතෙන තමයි සමිතිය රැස්වුණේ. මාසෙකට මට මතක හැටියට රුපියල් තුනක්ද කොහෙද එකතු කරනව. එන අයබිස්කට් , කෙහෙල්ගෙඩි එහෙම කාල තේ බොනව . අවුරුද්දකට සැරයක් කට්ටිය එකතුවෙලා වන්දනාවෙ යනව. ඊට ඉස්සෙල්ල හරි වැඩ එක එක අය තමතමන්ට පුලුවන් වැඩ බාරගෙන තිබුන. කට්ටියක් දර පළල මිටි බඳිනවා. තව කට්ටියක් ම්රිස් පහේ කොටලා බාජන වලට දානව. ගෙනාපු කරවල කුරියො කෑලිවලට කපනවා .ජරමර ගොඩයි. .
යන්න ඉස්සෙල්ල දවසෙ හවස් වෙනකොට තමතමන්ගේ පවුලේ ගානට පැදුරු ගේන්න ඕනෙ. පැදුරු එකතුකරලා පොඩිඑකේ ඉඳල ලොකු එක වෙනකම් පිළිවෙලට තියල දෙපැත්තට හිස් බෝතල දෙකක් එහෙම තියල දෙන්නෙක් එක්ක එකගානට සීරුවට රෝල් කරල ලණුවලින් බැඳලා පැදුරු මිටි හදන තෙනට වෙලා ඉන්නකොට පොඩි අපි පුදුම වුනා. අපි කොළඹ හිටියට ගමේ තමයි මේ වැඩ වුනේ. ගමේ ආවම ගෙවන්නෙ හරි වෙනස් ජිවිතයක්නේ. අදකාලෙනම් ඒවා හීන වගේ. ඒ සිරිත් ඒ
එකමුතුකම වගේ දේ ඒ පරපුරත් එක්කම කීර්තිශේෂ භාවෝපගත වෙලා. ( මැරිලා ). .
වන්දනාවේ යන්න ඉස්සරවෙලා කවුරුහරි බස් එක බුක්කරන්න යනකොට සීට් තියෙන හැටි ඇඳගෙන එනවා. යන්න ඉස්සෙල්ල දවසේ හවස සීට් වල ඉඳගන්න හැටි සැලැස්මක් හදන්නෙ අපේ තාත්ත. එක එක අයට ගැලපෙන අය නිවැරදි තැන් වලට ස්ටනගතකෙරුවේ නැතිනම් නැති ලෙඩ මතුවෙනවා. වෙදමහත්තයයි තැපැල් මහත්තයයි එකට. ඒගොල්ලන්ගේ හාමිනේල වෙන තැනක. අපි ළමයි වෙනතැනක. කොච්චර වුනත් චුට්ටක් හරි අමනාපකමක් හෝ නොගැලපීමක් ඇතිවෙයි කියල ඒ ඒ කට්ටිය ලං කරලා , දුරස් කරලා වාඩි කරන්න සැලැස්ම හැදුව.ගමන ගිහින් එනකම්ම සීට් මාරුකරන්න බෑ . අදයි මට හිතෙන්නෙ "හියුමන් රිසෝස්මන්ට් මැනේජ්මන්ට් " මාස්ටර්ස් එකක් හරි පී එච් ඩී එකක් හරි එයා කරල තියෙන්න ඇද්ද කියල. ඒවා කරලා එන කට්ටිය දැන් කරන වැඩ .............අනර්ඝයි. උත්කෘෂ්ටයි නේ ............. . ඔය වන්දනා ගමන් වලදී හොඳ වැඩ වෙනව. එක දවසක් අපේ බස් එකේ ටයර් එකක් ගියා. එතන ගිනිගහන අවුව. තාර උණුවෙන තරම් .කැලේ දිවුල් ගහකින් දිවුල් , වීර , පළු වාගෙ ඒවත් මාමල කඩල නොදුන්නෙම නෑ . .
එතන වෙලක් තිබුන පායන කාලෙ පටන්ගෙන වෙලා වේලිලා. බෝක්කුවක් තිබුන වුනත් එක පැත්තක විතරක් වතුර ඩිංගක් තිබුන. මේ අවු කූටකේ පුදුම වැඩක් වුනා වෙල්මාමාළු කීපදෙනෙක් පේලියට වගේ වලිග වරල් ගගහ වෙලේ ඉඳල අඩියක් විතර තණකොළ කණ්ඩිය නැගගෙන පාරට ආව. කකුල් පිච්චෙන්න තරම් රත්වෙලා තිබුන තාර පාර හරහට උඩ පැනපැන ගිහිල්ල අනිත් පැත්තේ වතුර වලටපැන්න.
මං හිතන්නෙ බෝක්කුව ඇහිරිලා තියෙන්න ඇති. පණ බේරගන්න වුනත් මාලුවෙක්ට මෙහෙම දෙයක් හිතන්න , ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන්ද ? ..........මේ නුවණ අද ලංකාවේ අපිට තියෙනවනම් , අපි කොහොම මිනිස්සු වෙයිද?
මට මතක හැටියට ( ඇඹිලිපිටියේ වෙන්නත් පුළුවන්) එක පාරක් තිබුන ඒකට කියන්නෙ ඇමරිකන් පාර කියල. ඒ පාරේ පළලින් බාගයක් තාරදාල . ඉතිරි බාගෙ නිකං .පාරේ දිගට යනකොට පිලිවෙලින් වම , දකුණ , වම , දකුණ ............විදිහටයි තාර දාල තිබුනේ. .
වන්දනා ගමන් ගියාම පන්සල්වල , විශ්‍රාම ශලාවල්වල නවතිනවා. උණු තේ එකක් එහෙම බීලා බත් උයාගෙනකාල නිදියනවා. සමහර දවස් වලට හුළඟේ තදකමට ලිප් නිවෙන්න යනවා. එක දවසක් ලිපකට එන හුළං නවත්තන්න ලිපට ඉස්සරහින් දෙන්නෙක් එක්ක පැදුරකුත් අල්ලගෙන ඉන්නවුනා. .
අපේ තාත්ත රෑ දෙකට විතර නැගිටල තව දෙතුන්දෙනෙකුත් අල්ලාගෙන තේ වක්කරල අනික් අයත් ඇහරවනවා .පස්සේ බත් , සුවඳහමන කට්ටා කරවලහොදි ( මතක්වෙනකොටත් කටට කෙළ උනනවා. )තව ජාති දෙකතුනක් හදනවා. උදේ සියළුම වැඩ ඉවරකරලා ලිප්නිවල ඒ තැන් අතුගාල පිරිසිදුකරලා උදේ පහට විනාඩි පහක් දහයක් කලින් බස් එක පිටත් වෙනවා .සාදු සාදු කියල පන්සිල් අරගෙන තමයි පිටත් වෙන්නේ.
පුදුම සංවිධානයක් තිබුනේ. කිසිම කෙනෙක් කවදාවත් සැර ජාති කටේ තිබ්බෙ නෑ. .පන්සල් , වැදගත් තැන් කලබලයක් නැතිව හොඳට බැලුවා.
මෙයිට හුඟක් කාලෙකට පස්සේ අපේ අයිය පිටරට ලොකු රස්සාවකට ගියා .දවස් තුනක විතර ගමන් එයාගේ සල්ලිවලින් නොමිලේම අරන් ගියා. ගමේ දුප්පත් අසරණ වයසක සීයල , ආච්චිලා , තව වැඩිහිටි අය හා පෙරසිටම වන්දනාවේ ගිය පිරිස එක්කගියා. ඒ අය කවදාවත් දැකල , වැඳලා නැති තැන් හිතේ හැටියට බලල පිං දිදී ගෙදර ගියා.
අපේ තාත්තලාගේ පරපුරෙන් වන්දනා ගමනුත් ඉවර වුනා.අද හොඳ පාරවල් , වාහන , සල්ලි , ස්මාර්ට් පෝන් .............අරවද මේවද ඔක්කොම තියෙනවා. උයන්න ඕනෙත් නෑ. පිරිසුදු කඩ තියෙනවා. දරාගතහැකි මිළකට පහසුකම් සහිත කාමර තියෙනවා. නැති දෙයක් නැති තරම්. . ඒත් අපි වන්දනාවේ නම් යන්නෙම නෑ. ඒ යුගය ඉවරයි. අපි යන්නෙ ට්‍රිප් .හොඳට එන්ජෝයි කරනවා. . අපේ වාහනයට පස්සෙන් මිසක් ඉස්සරහෙන් කිසිම වාහනයකට යන්න දෙන්නෙ නෑ. මගදි හොයාගන්න අමාරුවෙයි කියල පිටරට බඩුමයි ලෑස්ති කරගන්නෙ. සෝඩා , කෝක් විතරයි එහෙන් ගන්නෙ. සෆාරි බන්ග්ලෝස් වල ඉන්නෙ. .
අවුරුද්දට දෙතුන් සැරේ ට්‍රිප් යනවා ඒත් කවදාවත් වන්දනාවේ යන්නෙ නෑ උණු උණුවේ කටට කොලපතක් තියල බඳින කට්ට කරෝල ඇතිළියෙ කඩවැස්ම ගලෙවුවහම එන සුවඳ කවදාවත්ම විඳින්න හම්බුවෙන්නෙ නෑ. . කඩදාසි කොළයක්වත් දාල එන්නේ නැතුව පිරිසිදු කැරල ආපු ඒ පරපුර කොහේද ගිහිල්ලා. . අපි මොඩ් වෙලා. මගෙ පෝන් කබලෙ එම් ඕ ඩී කියල " මොඩ් " කියන වචනෙ ගහනකොට " මෝඩ " කියන වචනෙයි පළවෙනි ඔප්ෂන් එකට දුන්නෙ. මොකවත් තේරෙන්නෙ නැතෙයි කියන මේ යකඩ ගොඩටත් මට වඩා යමක් කමක් තේරෙනවද මන්ද ? ........
SEE MORE @ - hithena-hati.blogspot.com

No comments:
Post a Comment