දවල් හීන .
වාරයේ මුල් දවස .විදුහල්පතිතුමා රැස්වීම අමතනවා. නමුත් මට ඒ කිසිවකට හිත එකඟ කරගෙන අහගෙන ඉන්න බෑ. . අපේ ගේ හදාගෙන යනවා .කපරාරුව ඉවරයි .මුදල් දීමට ගණන් හදල බැලුව. කොහෝමහරි අන්තිමට නොසිතු ගණනක් බාස් උන්නැහේට තව සතියකින් දෙන්න ඕනේ. කොහෙන් සල්ලි හොයන්නද. හිතාගන්නවත් බෑ. .
දැන් ඉතින් මොනවද කරන්නෙ. .............මේ ඉස්කෝලෙට මම ඇවිල්ලත් මාසයයි. මොනවා කරන්නද හිතාගන්නවත් බෑ. හරියට නින්දයන්නෙවත් නැති තරම්.
බාස් උන්නැහේට තව දින කීපයක් ඇතුලත මුදල් දෙන්න ඕනේ. . රැස්වීමට පිටුපසින් ඇති ගොඩනැගිල්ලෙ කොරිඩෝ එකේ අපි හිටගෙන ඉන්නෙ. රැස්වීම දිගටම යනවා වගේ......අලුත් ඉස්කෝලේ අලුත් යාළුවො ඉන්නෙ. තාම හරියට අඳුරන්නෙ නෑ. මොකද කරන්නේ . .
රැස්වීම අතරේ අපි ආ ගිය තොරතුරු කතාකරනවා......
" ඒක නෙමෙයි , ඔයා අළුතින් ගෙයක් හදාගෙන යනවයි කියල කිවුව නේද. ඔහොමද ඒකෙ වැඩ. ? "
එක්කෙනෙක් මගෙන් ඇහුව. මම දවස් දෙක තුනක් එයත් එක්ක කතා කරල තියනව.
" වැඩ කරගෙන යනව". මේ දවස්වල කපරාරුව " මම කිවුව.
" සල්ලි එහෙමත් හරියට යනව ඇති නේද "
" ඔවු "
" මොකද කියන්නෙ .මම ඔයාට රුපියල් දහ දාහක් විතර දෙන්නද. පුළුවන් වෙලාවක පස්සේ දෙන්න. .......කැමතිද " .
මේ කතාව උනේ 1988 හෝ 1989 කාලේදී . ඒකාලේ මගේ වැටුප දෙදාහකට අඩුයි .අදකාලේ රුපියල් පනස් දාහක් වැටුප් ගත්තත් මේවගේ කතාවක් හිතන්නවත් පුලුවන්ද ( මේ මුදල අදකාලේ හැටියට ලක්ෂ තුන හතරක්. ) .
" හා " .
මට කියවුනා. මගෙ කකුල් වෙවුලනවා වගේ. හෙමින්ම ඇවිල්ල මම පන්තිකාමරේක වාඩිවුණා. මට කතාකරගන්නවත් බෑ වගේ. පුදුමෙනුත් පුදුමයි. විස්වාස කරන්නවත් බෑ. මම හීනයක්වත් දකිනවද. පොඩ්ඩක් අත කොනිත්තගෙනත් බැලුව...... හීනයක් නෙවෙයි!!!
ඇත්තම ඇත්ත. මම දැනගෙන හිටිය කොහොමහරි , කොයි විදිහකින්හරි මට මුදල් ටිකක් හොයාගන්න පුළුවන් බව. ඒත් ඒ කොහොමද කියල මම දන්නෙ නෑ. ක්‍රමයක් ගැන තමයි මම හිත හිත හිටියෙ .ඒත් මේවගේ එකක් ගැනනම් හීනෙකින්වත් හිතන්නවත් බෑ......
පහුවදාම මට මුදල් ලැබුන. හැබැයි ඒක අපහු දීමක් , දෙන දවසක් ගැන වචනයක් වත් මගෙන් ඇහුවෙවත් නෑ. හොඳ වෙලාවට මට ප්‍රෙෂර් නෑ. තිබුනානම් මම එතනම මැරිල වැටෙනවා. .
ගෙදර ඇවිල්ල මම මේ ගැන බිරිඳට කිවුව . එයා කිවුව අපි කොහොම හරි ඉක්මනටම ඒ මහත්තයට ඒ මුදල ආපසු දෙමු කියල. . සිද්දිය වුනේ ජනවාරි වල. අප්‍රියෙල් සිංහල අවුරුද්දට ඉස්සෙල්ල දහවෙනිදා විතර මම ඒ මුදල ආපසු දුන්නා
ඒ අවුරුද්දට මගේ චූටි දරුවට විතරයි අලුත් ඇඳුමක් ගත්තෙ. අපිට එකතු කරගතහැකි සෑම ශතයක්ම හුරලයි ඒ සල්ලි ගිහින් දුන්නෙ. මට අදවගේ මතකයි ඒ සිංහල අවුරුද්ද. කිරිබත් , ලුණුමිරිස් හා ඇඹුල් කෙසෙල් ඇවරියක් විතරයි මේසෙට තිබුනෙ. මාස තුනක් ඇතුලත මුදල ආපසු දීමේ ගවුරවය යන්න ඕනෙ කාටද කියල කවුරුත් දන්නවා. ඒක අපේ දෙයක් .ඒ මගේ ප්‍රිය බිරිඳ ට.
ඒ අවුරුද්ද තරම් රසට කාපු , සතුටින් හිටපු අවුරුද්දක් කවුරුහරි ගතකරල තියෙනවද.
එයා මහ ලොකු සල්ලිකාරයෙක් නවෙයි එයා හිතන්නෙ එක අතකින් දෙන දෙයක් අනික් අතවත් දැනගන්න ඕනෙ නෑ කියල . ඒ මහා විශාල හදවතක් , විශාල හිතක් තියෙන මිනිසෙක්. ඔහු ක්‍රිස්තු බැතිමතෙක්. දෙවියො ඉන්නෙ පල්ලිවල , දේවාලවල නොවෙයි . ඒ වගේ මිනිස්සුන්ගෙ හදවත්වල. .
ඒ වටිනා මිනිසා එෆ් බී එකෙත් ඉන්නවා. මම ඔහුගෙ නම කියන්න කැමති නෑ. මම හිතන්නෙ මේක ඔහුට පේන එකක් නෑ. .
මට හොඳට ලියන්න පුළුවන් වුනු දවසක මේක ආයිත් ලියනවා. ඔහුට ගවුරවයක් වශයෙන්. එදාට ඔහු ඒ ලිපිය දැක්කාවෙ .නැතිනම් මේ සිදුවීම අරගෙන ලියන්න පුළුවන් කෙනෙක් හොඳ කතාවක් ලියයි. කවුරුහරි එහෙම ලිවුවොත් ඒකෙ පිටපතක් ඔහුට යවන්න පුළුවන් මට.....
එහෙත් සත්‍යය ප්‍රභන්ධයට වඩා රම්යයි .එහෙම නේද ................

No comments:
Post a Comment