හිතෙන හැටි (දවල් හීන)
. (නිමැයුමක් )
පොඩි ජොගින් පාරක් උදේම දාගත්තෙ නැත්නම් වැඩක් නෑ. එළියට බහින ගමන් ගේට් එක යාන්තමට ඇරල දානවා. . වයිෆ්ගේ වදේට රෙක්ස් තඩිය හැදුවට ඌ උදේට දාන ....... ගොඩවල් නම් කඳු වගේ. දැක්ක ගමන් වයිෆ් කෑ ගහනව .මටත් බලන්න බෑ. අපරාදෙ කියන්න බෑ මම ජොගින් වලට පාරට බහින කොටම රෙක්ස් ලෙන් එකේ එහාට ගිහින් පාරෙ අයිනෙ හීනියට වැඩේ දීල හොඳ ළමය වාගෙ ආපහු වත්තට රිංග ගන්නව. ඒ වැඩෙත් ෂේප් .මම රවුම ගහල එනකොට උදළු අරන් සමහර අය ගේට්ටුව ඉස්සරහ සුද්ද කරනව තමයි. උදෙන්ම නැගිටින්න දන්නෙ නැති කම්මැලියෝ. .
අල්ලපු ගෙදරක වල්බල්ලෙක් උදේම අපේ ගෙදර ඉස්සරහ ...........කරන්න අවා. මම කෙලින්ම ගේට්ටුවට තට්ටු කරල අයිතිකාරයව එක්කගෙන ඇවිල්ල එයාට කියල ඒක එවෙලේම අස් කෙරෙව්වා. ආයි කවදාවත් බල්ල එවුවෙ නෑ. ඒවා කොහෙද මාත් එක්ක. .
පාන්දරම දුවන ගමන් කුණු මල්ලත් පාළු වත්තට වීසී කරගෙනම යනවා. ස්ලිම් එකට බොඩිය තියාගෙන ඉන්න හින්ද එහා ලේන් එකේ අය මං මැරි කරලා කියල හිතන්නෙ නැති එකත් හොඳයි. ඔෆිස් එකට ආපු අළුත් ඒවට වඩා හොඳ එකක් පොඩි ටෝක් එකක් දාගෙන මාත් එක්ක ඒ හරියෙ දුවනව. ඒකිගේ හස්බන්ඩ් රට. වැඩේගානට සෙට් වෙනව. ගලා ගෙන යන වතුර නේ .................. .
ගේ හදන්න අනූ පහක් ගියා වුනාට ඒකෙ බරපැන වැඩිය දැරුවෙ ඔෆිස් ප්රොජෙක්ට් එකේ කන්ට්රැක්ටර්ස්ල. හරිනම් උන් මට වියෝස් එකකුත් අරන් දෙන්න ඕන. එකෙක් නම් කිවුව,
"සෙර් අළුත් මොඩ්ල් එකක් බලමු" කියල . .
ඒ අතරෙ ළඟ ගෙදරක නාකි පොරක් දවසක් මට කියනවා,
"කොච්චර සල්ලි වියදම් කරල ලස්සනට ගේ හැදුවත් වෙස්ට් වෝටර් ඔක්කොම ගේ ඉස්සරහ කාණුවට හරවල නේද කියල".
කාණු තියෙන්නෙ වතුර බහින්න මිසක් අහවල් එකටයැ. මිනිහ කියනව, "වේස්ට් වෝටර් පොළවෙ වලලපු හිස් පළල කොන්ක්රීට් සිලින්ඩර් එකකට බැස්සුව නම් කිසි කරදරයක් නැතිව පොලවට උරනව"ලු.
"වතුර කාණු ගානෙ ගලන්නෙ නැති හින්ද මදුරුවොත් අඩුවෙනවලු. පසේ තෙතමනය රැඳෙන හින්ද පායන කාලෙට ගස් වලටත් පහසුලු".
පට්ට නාකිය ඌයි මායි දන්න වතුර බැස්සිල්ල.මම ඒ පැත්තේ යනවට වයිපරේ කැමැති නෑ. ඒ ඩිවෝස් වෙලා ගෙදර ඇවිල්ල ඉන්න උගේ දුව පට්ට කෑල්ල හින්දද දන්නේ නෑ. ගෑණුන්ට ඉව තියෙනවලු නේ.
ඇයි අන්තිමට මට එයාව බඳින්න වුනානේ.
hithena-hati.blogspot.com

No comments:
Post a Comment