දවල් හීන .
අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඕඩේ ඉන්න කාලේ සමහර දවස් වලට යාළුවොත් එනවා අපේ ගෙදරට . . ඒ කාලෙ අපේ හිතේම තිබුනේ මාරුවක් හදාගෙන ගමට එන එක ගැනමයි .නිකං බොරු කියන්න ඕනෙ නැහැනෙ දුප්පත් අහිංසක මිනිසුන් සඳහා සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාවන් වෙලී ඔවුන් සඳහා අපගේ ශ්‍රමය වැයකලා කියල . මම දන්නා හැම දෙනාම ෆුල් ට්‍රයිඑක දැම්මෙ මොන ජංජාලයක් හරි කරල ගෙදර පැත්තට මාරුවක් හදාගන්නයි. එහෙට අලුතින්ම ගිය එක්කෙනෙක් තමයි මම . .
ඒ වුනාට පැත්තෙ මිනිස්සු අපේ දේවල් වලට පළි නෑනෙ. ඉතිං සේවා ස්ථානයට ගියවෙලාවෙ ඉඳන් වැඩකළා. අපරාදේ කියන්න බෑ රජයේ නිවාඩු , සති අන්ත අතර තීන හිල් වැහෙන්න අපේ නිවාඩු දාල ගෙදර ආව. කවුරුවත් නිවාඩු ඉතුරු කල බවක්නං මතකම නෑ. . අපි තුන්දෙනා එකටමයි නිවාඩු දැම්මේ. ඇයි බොලේ , එක්කෙනෙක්ට ඔක්කොම වැඩ කරල , උයාගෙනත් කාල , තව වැඩටත් යන්නද කියන්නෙ. අපිට නං එහෙම කොරන්න පුලුවන් කමක් තිබුනෙම නෑ. මම දන්න අනික් අයත් කොලේ එහෙම්ම තමයි. .
හැබැයි වැඩට ගියාම දන්න වැඩ හැටම දාල යක්කු වගේ වැඩකලා . එහේ පදිංචිවෙලා හිටපු බොහෝ අය තමන්ගේම ප්‍රදේශයේ මිනිස්සුන්ට , අපි වැඩකරනවට කැමැත්තක් දැක්කුවේ නැතිබව මතකයි. පස්සේ ඒ අය තමන්ව පහුකරලා යයිකියල හිතෙනහිංද වෙන්නෙති මයෙ හිතේ. නමුත් දකුණු , බස්නාහිර මහනුවර , රත්නපුර වගේ පළාත් වලින් ගිහිල්ල හිටපු අපේ හදවත පතුලෙන්ම මේ මිනිස්සුත් අපේ , මේ ගොල්ලො කොහොමහරි ගොඩ දාන්නම ඕනේ විතරක් නොවෙයි මගේ කොටසින් නම් කවුරුවත් කරල තිබුනේ නැති තරම් වැඩකොටසක් මම කරනවාමයි කියල හිතාගෙනමයි වැඩ කලේ .අපි වැඩියෙන් නිවාඩු ගන්නහින්ද ඒ වැඩටික ඉන්න දවස්වල කොහොමහරි කවර් කලා. මට අදත් මතක්වෙනවා මගෙ වැලිගම , කෑගල්ලේ යාළුවො වැඩකලහැටි. ඒ වාගේ දුෂ්කර ප්‍රදේශයක තියා , මේ කොළඹවත් එවැනි පිළිවෙලට වැඩකරන අය කළුනික වගේ. වේලිච්ච ස්පංචියකට වතුර වැටෙනවා වගෙයි අපේ සේවාලාභියොත් අපිව පිළිගත්තේ. මට විස්වාසයි ඔවුන්ට අපිව මතකයි කියල. .
ඉස්සර අපේ මහතැන තිබුනේ මැලේ ස්ට්‍රීට් එකේ. මාරු ඉල්ලුම් පත්‍ර , අභියාචනා ලියාගෙන එන අපිව ඒ අංශයේ ලොක්කන්ට කරච්චලයක්ම වෙන්න ඇති .මටත් කොහොමත් පිටකොටු යන්න එපෑ අම්පාරෙ යන්න. කතාවක් තියෙනවනෙ උත්සහවන්තයා ජයගනී, තට්ටුකරන්නාට පොලුපාර වදී කියල. මමත් අරින්නෙම නෑ හැමදාම මැලේ ස්ට්‍රීට් වැරද්දුවේ නෑ. .ඒකෙ හිටපු ලොක්ක කිවුව වයිද්‍ය සහතිකයක් අමුණන්න කියල . මම ලිවුවා මට මේ ස්තානය නිසා මේ මේ අපහසුකම් ඇතිවෙලා තියෙනවා ඒ සඳහා වයිද්‍ය සහතිකයක් ගන්න මගේ වැටුප වගේ මෙච්චර ගුණයක් ඉල්ලනවා මට ඒකට තියා යන්නයි එන්නයි , කන්නයි වත් මට සල්ලි නෑ. කියල. .
ඒ ලොකු මහත්තය හැමදාම අපේ කන්කරච්චලේ අහගෙන හිටියත් එදානම් මගේ ඉල්ලුම් පත්තරේ මේසෙ අයිනෙ පොළවෙ තිබුන කොලමිටියකට අතෑරියා. මමත් කට වහගෙන වුනත් මගේ ඉල්ලුම් පත්තරේට එතුමා සැලකූ සම්භාවනීය ආකාරය ගැන ප්‍රීති ප්රාමොද්‍යයට පත්වෙලා , හිතින් එතුමාට විතරක්නොවෙයි , එතුමාගේ මෑණියන්ටත් මුහුදේ ඉන්න මාළුජාතියක් කන්න ලැබේවා යන සොම්නස් සිතින් යුක්තව අම්පාරෙ යන්න බස්එකට නැග්ග .
අපි කට්ටිය තවත් යාළුවො කට්ටියක් එක්ක කාමරේ කතාකරන අතරේ මාරු කතාවත් ඇදිල ආව. ඒ අඩවිය කතරගම දෙවියන්ගේ අඩවිය හින්ද මේකට දෙවියන්ටවත් බාරවෙන්න ඕනේකියල එක්කෙනෙක් කිවුව.මටනම් මගේ මාරු ඉල්ලුම්පත්තරේට වුන දේ හින්ද උන්නමලා පෙන්නෙ නැතිතරම් කෙන්තිගිහිල්ල හිටියේ. මම කිවුව
" මමත් බාරයක් වෙනවා .රූපෙට රූපයක්. හැබෙයි මටනම් සල්ලි නෑ රත්තරනින් හදන්න. මම අහකදාන බෙලෙක් කැල්ලක දෙවියන්ගෙ රූපේ අඳිනවා ( මම මසේකටවිතර පස්සේ තියෙන දිනයක් කිවුව.) ඒ දිනේට ඉස්සෙල්ල මාරුවක් හම්බවුනේ නැතිනම් දෙයියන්ගෙ බෙල්ල ප්‍රසිද්දියේම කතුරකින් කපනවා "
කියල. එතන හිටපු යාළුවො කිවුව මේ දෙයියන්ගෙ අඩවියේ කට වරද්දගන්න එක හොඳ නෑ කියල
"මෙයිටත් වඩා මොකක් වරදින්නද මම කපනවම තමයි"
කියල මම කිවුව ඇත්තටම මට " දෙයියො පේන්නෙ නැතිවෙලා " හිටියේ. ( තේරෙන බාසාවෙන් කියනවනං -- නප්පියටම තදවෙලා ---හිටියේ )
කොහොමහරි ප්‍රාතිහාර්යයක් සිද්දවුනා . අර මුලින් ආපු කට්ටිය ඔක්කොම ඉන්දදී මට විතරක් ගම්පලාතට ස්ථානමාරු ලිපියක් ලැබිච්චි. බට කැලේට ගිනිතිබ්බවගේ ආරංචිය පැතිරෙන්න ඇති. වෙනවෙන අයත් මගේ ලියුම බැලුව .මම ගමට ආව.
අපායේ ලිඳේ ඉන්න ලංකාවේ අය මුරකරන්න ඕනේනැතිලුනේ. වෙන කවුරුහරි සමහරවිට ලෙඩේ ඇද්දද දන්නේ නෑ .ඒක තාවකාලික මාරුවක් නැවත හයමාසෙකින් පස්සේ මුල් සේවා ස්ථානයට යන්නෙයි කියල ලිපියක් ලැබුන ! .
මෙය දෙවියන්ට අපහාස කිරීමට ලියපු එකක් නොවෙයි. මිනිසුන් මහත් බැතියෙන් නමදින කුමන හෝ ආකාරයක පුජනීයයකුට කුමන හෝ ආකාරයක අගවුරවයක් ම කිසිදිනකවත් සිතන්නේවත් නෑ. මෙය පූජනියයන් කිසිදු ආකාරයකින්වත් අපහාසයට , උපහාසයට හෝ අගවුරවයට පත්කිරීමේ හෝ අසැබි වදන් ලිපියට එක්කර මෝඩ උද්දාමයක් ලබාගැනීමට ලියූ ලිපියක් නොවේ. ඔබ ඒවාට යටින් ඇති දේ වටහාගනී කියල හිතලයි ලිවුවේ.
SEE MORE @ - hithena-hati.blogspot.com

No comments:
Post a Comment