Tuesday, November 17, 2015

අපි තුන් දෙනෙක් සිරිපාදේ යන්න කතා කරගත්තා. එතකොට අපේ වයස අවුරුදු විසිපහක් විතර ඇති. ඊළඟ සති අන්තේ යන්නයි කතා කරගත්තේ ඒ කාලෙ ඕන නම් ගමටම ලැන්ඩ් පෝන් එකක් තියෙන්න ඇති. . කතා කරගත්ත විදිහටම මම උදෙන්ම කොටුවේ ස්ටේෂන් එකට ගියා .බදුලු කෝච්චියට ටිකට් ගන්න ලොකු පෝලිමක්.
යාළුවො දෙන්නගෙන් එක්කෙනෙක් එන්නේ පයාගල ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගල. එයා හම්බුවෙන්න තියෙන්නෙ ස්ටේෂන්එක ඇතුලෙදිනේ. අනිත් යාළුවා එළියේ පේන්න හිටියේ නෑ .පරක්කුවෙනනිසා මම ටිකට් එක අරන් ස්ටේෂන් එක ඇතුලට ගිහිල්ල යාලුවන්ව හෙවුව .මිනිස්සු සූ ගාල. කොහොමවත්ම යාළුවන් හොයාගන්න බැරිවුණා.
යාළුවො කෝච්චියේදී හම්බුවෙන නිසා මම කෝච්චියට නැග්ගා. සෙනග උතුරන්න. හැටන් වලදිවත් හමුවුනේ නෑ කොහොමහරි සිරිපාදෙ තනියමයන්න පිටත්වුණා. පුදුම සෙනග. අඳුරන කිසි කෙනෙක් නෑ. ඇඟේ හැපි හැපී එක පඩියක් නගින්න විනාඩි ගණනක් තෙරපි තෙරපි මිනිස්සු නලියනවා. . කොල්ලො ටිකක් වත් සෙට් වුනේ නෑ .සිරිපාදේ නැගල බැස්ස. මනිස් සයුරක් මැද හුදෙකලාව.
කොල්ලෙකුට මෙහෙම වෙන්න පුලුවන්ද. පුදුමයි ඒත් ඇත්තයි. මිනිස්සු නැති තැනක හුදෙකලාවීම හා මිනිසුන් අතර හුදෙකලාව හරිම වෙනස් අත්දැකීමක්. කාටවත් මටවගේ දෙයක් වෙන්න හොඳ නෑ.
එදා ඉගෙනගත්ත පාඩම ජිවිතේට අමතක වෙන්නේ නෑ. . (ඊළඟ සතියේ හමුවුණාම විස්තරේ අහල යාළුවන්ට අප්සෙට්. දෙන්නටම එන්න බැරිවෙලා. මාව හමුවුණාම උනට උනදේ ඔබම හිතාගන්නකෝ. .

අද බොහෝ දෙනා කොච්චර මිනිස්සු ආස්සරේ කලත් ඉන්නෙ තනියම කියලයි මට හිතෙන්නේ. එදා මට සිදුවූ අකරතැබබය අද සමහරු ඔනෙකමින්ම තමන්ම සිදුකරගෙන. පවුලේ අයත් සමහර වෙලාවට ඉන්නේ නන්නාඳුනන අය වගේ නේද. ( පහසුවෙන් නිරාකරණය කරගත හැකි දෑ සිත් රිදවා ගනිමින් වේදනා විඳින තත්වයට පත්කර ගන්නවා. ) මිනිසා සමාජගත සත්වයෙක් !!!
hithena-hati.blogspot.com

No comments:

Post a Comment