Saturday, October 31, 2015

ගුටි පූජව

           පාරේ ලොකු කලබලයක් වුනා. දරුවන්ගේ ලේ සෙලවුනා.හැම ටී වී එකේම පත්තරේම උණු ආප්ප වගේ නිවුස්‌ එක බෑවා.බලනඅය තමාට කැමති දැක්මට අනුව ළමයින්ට පොලීසියට රජයට , මේ ක්‍රමයට හා වෙනත්අයට දෙහිකැපුවා. දරුවන්ගේ ප්‍රශ්නය කුමක්ද කියලනම් මාධ්‍යයෙන් කිවුවේ නෑ (මම දැක්කෙනැද්ද මන්දා ) . පස්සේ මට එෆ් බී එකේ පොස්ට් එකක් දැකලා තමයි ප්‍රශ්නේ ටිකක්හරි තේරුනේ. පුදුමයි නේද? මට තේරෙන විදිහටනම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. රජයකට නම් මේක අමාත්‍යාංශවල විෂයයන් මාරුකිරීම වගේ සුළුඑකක් වෙන්නත් පුළුවන් .එහත් දරුවන්ගේ ජීවිතයට සෘජුවම බලපාන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් .ඉසෙඩ් ස්කෝර් එක අනුව තෝරාගත් විශේෂ පිළිගැනීම් සහිත පාඨමාලාවන් උසස් අධ්‍යාපන අමාත්‍යාන්ශයෙන් ව්රුත්තීය පහුණු අමාත්‍යාංශයට මාරු කිරීමනිසා තත්වය පහලවැටේවි යන කරුනනිසා ඇතිවූ ප්‍රශ්නයක්. විශ්ව විද්‍යාලයට තමාට අවශ්‍ය පාඨමාලාවට ඇතුළුවිය නොහැකිනම් ( ඉසෙඩ් ස්කෝර්එක චුට්ටක් අඩුනම්) යන්න පුළුවන් ඊළඟ පාඨමාලාව මේවා තමයි. ( මට මතක විධිහට උපාධිධාරී පත්වීම් දෙනකොට මේ දරුවන්ටත් පත්වීම් ලැබුණා.මා නිවැරැදිනම් දරුවන්ගේ ප්‍රශ්නයේ සාධාරණයක් තිබෙනවා නේද? ) ඒ එල් සමත්වූ සියලු සිසුන්ට ක්‍රමක්‍රමයෙන් උපාධි , පශ්චාත් උපාධි , ආචාර්ය උපාධි හා වෙනත් වරුත්තීය සුදුසුකම් ( සිමා , සිම් , චාර්ටඩ් ........වැනි )ලබාගැනීමට ඇති භාධා ඉවත් කළයුතුයි. රටේ සෑම දරුවකුටම නිර්භාදකව අද්යාපනික හා වරුත්තීය සුදුසුකම් ලබාගැනීමට දුන්නොත් ලංකාවේ රැකියා අවස්ථා නොමැතිනම් පිට රටවල හෝ උසස් වේතන ඇති රැකියා අවස්ථා උදාවේවි. . ලංකාවේ සරසවි වලට හා රජයේ ආයතනවලට මේ ඉල්ලුම පිරවිය හැකිද යන්න වෙනම ප්‍රශ්නයක්. කොහොම වුනත් මේ කරදරවලට මුහුණදීමට අකමැති අමාරුවෙන් හෝ මුදල් සොයාගතහැකි අය දරුවන් පිටරට යැවීම නිසා පිටරට ඇදීයන මුදල් කන්දරාව රටට මහ බරක්. . මාද්‍ය කරුවන්ට විශාල ප්‍රචාරයක් ලබාදිය යුතුව තිබුනේ සැබෑ ප්‍රශ්නයටයි. ප්‍රතිපලයට නොවේ. . මහපොළොවේ කැකෑරෙන , මිනිසුන්ට සෘජුවම බලපාන ප්‍රශ්න ඕනේ තරම් තියෙනවා. "ඇන් ඉයර් ටු ද ග්‍රවුන්ඩ්" මාධ්‍යකරුවාගේ "මොටෝ " එකක් නම් හා තමා අවට සිදුවන වෙනස ඔහුට දැනෙනවානම් , ජනතාවගේ හදවතේ රිද්මය ඔහුට ඇසෙනවානම් , තුවාලය ඔඩු දුවනකම් ඉඳලා සැරව බලන්න වෙන්නේ නෑ.මාධ්‍යකරුවා ජනතාවට ඉදිරියෙන් සිටියයුතුයි. ඔහු දරා සිටින මාධ්‍යය නැමති තියුණු සැත මිනිසාගේ ප්‍රගමනය සඳහා යෙදීම වඩාත් යහපත් කාර්යයක් වනුඇති. ඔහු එසේ කළානම් සිදුවූ කේදවාචකය නොසිදුවීමටත් ඉඩ තිබුනා නේද? මෙම වයස් කාණ්ඩයේ දරුවන් කොහොමටත් අවේගශීලීයි. ප්‍රවේගකාරීව හැසිරීම ඒ වයසට ආවේනිකයි. මෙම ප්‍රශ්නය ප්‍රසිද්ධියේ සංවාදකලානම් කොපමණ හොඳද ? හැබැයි එතකොට බ්‍රේකින් නිවුස් , ලොමුදැහැගැන්වෙන ජවනිකා , උණුසුම් සංවාද , කුණුරස හා ලේරස නෑ . රජයට ශිෂ්‍යයින්ට දෙමාපියන්ට උගතුන්ට හා විරුද්ධ මතධාරී දේශපාලකයන්ට එක්වී සංවාදකර පැහැදිලි විසඳුමකට යන්න තිබුණා යයි මට හිතෙනවා. ලෝකය වඩාත් යහපත් තැනක් වුනොත් අපිට කෙසේවෙතත් දරුවන්ගේ ලෝකය ආලෝකමත් වේවි. කෝටි දෙකතුනක් වන ශ්‍රී ලංකාවේ අනාගත ජනතාවෙන් වැඩිකොටසකටකට ඉසුරුමත් රැකියා අවස්ථා ඇත්තේ පිටරටවලයි යන්න මගේ අදහස. ඒ සඳහා සෑම දරුවකුම සුදුසුකම් සහිත නිපුණයකු වියයුතුයි.

No comments:

Post a Comment