හිතෙන හැටි
එක ශ්‍රේණියේ ........ ඉතිරිය
පාසලේ වැඩ
නිසි පරිදි ඉටුවුනාද ඉටුකලාද කියල කාටත් පහසුවෙන් බලාගන්න (විෂයය කොටස් හා
වෙනත්දේ ) වැඩ කුඩා කොටස් වලට කඩා තිබෙනව කියමුකෝ. එම කොටස් වලට නිපුණතා
කියලා නමක් දාල තියෙනවා. දරුවාගේ පුංචි ඇඟිලිවලින් කතුර නිවැරදිව ඇල්ලීම ,
කඩදාසියක වෘත්තාකාර දෙයක් තබා රවුමක් ඇදීම , කඩදාසිය එක අතකින් හා කතුර
අනෙක් lඅතින් අල්ලාගෙන රවුමක් නිවැරදිව කැපීම නිපුණතා කිහිපයක සංකීර්න
එකතුවක්. l
ළමයා කියන්නේ පුංචි මිනිහෙක් කියලා හිතන අයටනම් මේක මහා දෙයක් නොවෙයි. නමුත් ළමයා ළමයෙක්ම වනනිසා ( පුංචි දරුවෙක් නිසා ) ඔහුට මේක වැරදි වැරදී සිය සැරයක් විතර කරන්න ඕනෑ වැඩක්.
ඉතින් මේ නිපුණතා ලැබෙන්න ඕනේ කාටද ?දරුවාටද නැතිනම් අම්මා
....තාත්තා නැන්දා වාගෙ අයටද ? අපි විසඳා ගතයුතු මූලික ප්‍රශ්නය එයයි.
දරුවා ## මා විසින් කලයුතුදේ ඔබ විසින් කරනවා නම් , මට මා වීමට ඉඩ නොදෙනවානම් මා කුමක් කරන්නද ? ##
මුලින් කියපු ක්‍රියාකාරකම් දරුවා විසින් කළකොත් ඒවා දැරුවාගේ නිපුණතා .
අම්මා කලොත් ඒවා
. අම්මගෙ නිපුනතා
No comments:
Post a Comment