Wednesday, October 28, 2015

හිතෙන හැටි
අපි පොඩි කාලෙදී නැවතිලා හිටියේ මරදානේ. ඒ කාලෙ අපි හුඟක්ආස කරපු දෙයක් තමයි මැයි දින පෙලපාලිය.නිල් රතු කොල ආදි විවිධපාටින් බැනර් අරගෙනයාම හා සටන්කාමීන්ගේ හඬ තාම මතකයි.
ඩඩ්ලිගෙ අලේ
ජාතික පොලේ
මොකද සිරිමො ගඳ
කුනු කරෝල ගඳ
......... සිරිමට එන්න කියාපිය
මේවට උත්තරදෙන්න කියාපිය
ජේ ආරා
වල් ඌරා
කොඩි වනාගෙන , රබන් ගහගෙන ,නට නටා යනකොට බලාගෙන හිටපු අපිට තිබුනු ජොලිය කියන්න බෑ .
මරදානෙ පොලීසියෙ දෙමටගොඩ පාර පැත්තට වෙන්න තිබුන තාප්පෙ අයිනෙ තාප්පෙට අල්ලලා තාවකාලික හට් කඩ තිබුනා. මැදි වයසෙ ජෝඩුවක් පොලීසිය අයිනෙ කඩයක් දාගෙන හිටියා.
ඇත්ත
ජනදින
ජන සතිය වගේ පත්තර ඒ කඩේ වික්කා. සෙප්තැම්බර් මාසෙ 26 වෙනිදාට හමුදුරුවො වඩම්මල සාන්ගීක දනයක් එගොල්ලො හැම අවුරුද්දකට සැරයක් දුන්නා.
පොඩි ලමයි පෙලපාලි බලන්න ඩෙමටගොඩ පාරට, මරියකඩේ පාරට එල්ෆිනිස්ටන් එක ලඟට පොලීසිය ලඟට දිවුව.
මාසයක් දෙකක් යනකම් අපේ ලොකුම සෙල්ලම පෙලපාලි යන එකයි.

No comments:

Post a Comment