Wednesday, October 28, 2015

හිතෙන හැටි
. පරිසරයේ ඉන්න කුරුල්ලෝ වඳුරෝ වගේ සතුන් දිහා බලන්න. කෑමට ගෑනු සතුන්ට සීමා මායිමවලට බලයට හා වෙනත් බොහෝ දෑ වලට ඇඟේ පතේ හයිය පෙන්වනවා. කැලයේ නීතිය එකයි.
ඩාවින්ගේ පරිණාම වාදය
. සවයිවල් ඔෆ් ද ෆිටස්ට්.
වඩාත්ම සුදුසු එක්කෙනා ඉදිරියට යනවා.
. මිනිස්සුත් ඇත්තටම එහෙමයි.
. ධනය බලය .....තන්හාව වයිරය ක්‍රෝධය ලෝභය ඊර්ශ්යාව මෝඩකම කැමැත්ත භය ද්වේශය වගේම තවත් ඒවගේ සිතිවිලි සත්ව ලෝකයේ පැහැදිලිව පෙන්න තියෙන දේ .
. මිනිසාත් සත්වයින්ටම අයිතිවෙනවනේ .ඉතින් මේ මනෝභාවයන් මිනිස්සුන්ට අමුතු ඒවා නොවේ.අවුරුදූ දශ ලක්ෂ සිය ගණනක් තිස්සේ මිනිස්සුන්ට සත්ව පරම්පරා ගණනාවක් ඔස්සේ උරුමවූ දේ .
. මිනිසාට මනසින් උසස්වූ නිසා මනුෂ්‍ය කියලා කියනවා. එසේනම් ඉහත මනෝභාවයන් වෙනුවට මයිත්රිය කරුණාව මැදහත්බව උපෙක්ෂාව හා එයට වඩා හොඳ දේ මිනිසා තුලින් පිළිබිඹු විය යුතුයි.
අපිට සමාජයෙන් අද දවසේ දක්නට ලැබෙන්නේ මුලින් කී දෑයි .මිනිසාට ජන්මයෙන් හා පරම්පරාවෙන් ලැබී ඇත්තේ ඒවායි. එමනිසා වෙන්න ඇති හැම තිස්සෙම අපි ඒවැනි ගතිලක්ෂණ ප්‍රකට කරන්නේ .
. මේ අනුව ප්‍රකුර්ථිය ද්වේශය වයිරය තණ්හාව වගේ සිතිවිලි.
. විකුර්ථිය කරුණාව මයිත්රිය වගේ හොඳ යයි සම්මත සිතිවිලිද ?....................

No comments:

Post a Comment