Wednesday, October 28, 2015

හිතෙන හැටි
ගුවන්විදුලියේ හා රූපවාහිනියේ යන ආගමික වැඩසටහන් සහ ආගමික සිද්ධස්ථානවල ක්‍රියාකාරකම් වල ගුනාත්මක වගේම ප්‍රමාණාත්මක වර්ධනයක් තිබෙනවා වගෙයි පෙන්නේ .එහෙමවුනත් බණ අහනකොට සමහර හාමුදුරුවරු කියනවා මේ තරම් බනකියන බණ අහන රටේ එන්න එන්නම අපරාධ බහුලවීම ප්‍රශ්ණයක් බව. මටනම් හිතෙන්නෙ කරුණු පැටලිලා කියලයි .
ආගමික වැඩසටහන් වලට සක්ක්රියව සහභාගීවන අය අතින් වැරදී වීම සාපේක්ෂකව අඩු ඇති.
නමුත් එවෑණි අය ප්‍රමානත්මකව අඩුයි. බහුතරයක් බණ නිවැරදිව හෝ කොහොමවත්ම අහන්නෙ නැහැ .අද දවසේ කාර්යය තමයි බණ ඇහෙන්නෙ නැති ජනතාව කරා එය රැගෙනයාම.
පණිවිඩය අවශ්‍ය අයට ලැබෙන්නේ නැහැ .
පුංචි උදාහරණයක් කියන්නම්. අධ්‍යාපනය හා දරුවන් ලබා ගන්නා ප්‍රතිඵල බලන්න. ටිකක් ළමය් 9 ඒ හෝ 3 ඒ ලබනවා. කොටසක් 9 එෆ් හෝ ආසන්න ඵලයක් ගන්නවා. විභාග දෙපාර්තමේන්තුවේ දත්ත බලන්න .මේ සංක්යාව වර්ෂයකට ලොකු ගණනක්. ගැටළු ඇතිවන්නේද ඇතිකරන්නේද මේ අයට.ලංකාවේ අද්යාපන ක්‍රමයට මේ අය ඇමතීමේ ශක්තිය හෝ ශක්‍යතාවය ගිලිහී ගොසින්. මෙය දරුවාගේ වැරැද්දක් නොවේ .ප්‍රවේශයේ හා ඒ හා සබැදි පුද්ගලයන්ගේ හැකියාවේ කැපවීමේ හා දැනුමේ වගේම දරුවාට ශක්තීන් සපයන පුද්ගල සහ ආයතන සතු දුර්වලකමක්
.මෙය හඳුනාගෙන පිළියම් කිරීම නොකලොත් ලංකාව තවත් පහලට යයි .

No comments:

Post a Comment