Wednesday, October 28, 2015

මේ කතාව එක්දහස් නවසිය හැටතුන හැටපහට විතර අදාල එකක් .අපේ අම්මයි තාත්තයි දෙදෙනාම කාර්යබහුල රජයේ සෙවකයෝ .ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා දවල් බත් කාල කරන්න වැඩක් තිබුනේම නැති තරම්. අපේ තාත්තගේ නීතිය අනුව අපිට වෙන ළමයි එක්ක සෙල්ලම්කරන්න යාමට තිබුනේ හවස පහෙන් පස්සේ .
අපේ ගෙදර වෑල් රේඩියෝ එකක් තිබුනා. සංගීතය විසිපස් වසරකට පෙර කියලා සජීව වැඩසටහනක් තිබුනා. එහි එක්දහස් නමසිය හතලිස් පහට පෙර ගැයූ ගීත ටවර් හෝල් ගායකයෝ වගේ අය ගායනා කළ අයුරුත් ඔවුන්ට ලැබුනු අත්පොලසන් නාදයත් මට මතකයි. ඒක නිසා වෙන්න ඇති අදත් මම පැරණි ගීත රසවිඳින්නේ .
රාත්තල් පහේ හෝර්ලික්ස් බෝතලයකට වියලි මිදි දාලටතිබුන. මම තුනේ හෝ හතරේ පන්තියේ පොඩිඑකා .ඒවුනාට කියවලා නැති පොත්වලට තිබුනේ ලොකු අයියාගේ පාඩම් පොත් තමයි.
විජයබා කොල්ලය සිංහල ථූපවංශය සුනේත්‍රා හෙවත් අවිචාරසමය වගේ ඒවා.
ලොකු පුටුවක් උඩට නැගල කකුල් දෙකත් උඩටඅරගෙන සරමට මිදි අහුරකුත් දාගෙන එක එක කකා ඒපොත් බලපුහැටි තාම මතකයි. ආදරය ප්රේමය වගේ ඒවා හරියට වැටහුනේ නැතිවුනත් පොත්වල සිදුවීම් පොඩ්ඩාගේ හිතේ චිත්‍රනය කරන් ඩබ්ලිවූ එ සිල්වා ශූරීන් සමත්වුණා. අපි විඳපු නිදහස හා අපූර්වත්වය අද ළමයින්ට හීනයක්............

No comments:

Post a Comment