Wednesday, October 28, 2015

අලුත් කොල්ලන්ගෙ සින්දු !

හිතෙන හැටි

"අලුත් කොල්ලන්ගෙ සින්දු කමකට නෑ "මම අඳුරන හුඟක් අය (අපේ අයගෙ වයස හිතාගන්න පුළුවන්නේ )කියන්නේ එහෙමයි. අපිට ඇත්තටම කියන්න පුලුවන්ද එහෙම කියන්න යුතුකමක් තියෙනවද කියනඑකයි ප්‍රශ්නෙ
. තරුණයන්ගෙ ලෝකය හැදුවේ අපිනොවෙයිද ඒගොල්ලන්ගේ , වැඩිහිටියො දෙමවුපියො ගුරුවරු ඒගොල්ලෝ අහපු බලපු ජනමාධය මෙහෙයවුයේ , අත්විඳි ලොව නිර්මානයකලේ අපි. 1948 සිට රට පාලනය කලේත් කරන්නෙත් අපි.
මට මතක තියෙන්නේ 1960 ගණන් වල ඉඳලා .70 කාලේ අපි (ඒ කාලෙ කොල්ලෝ) හිතුවේ ජරා දේශපාලනය 80, 90 වෙනකොට ඉවරවෙලා රට හැදෙයිකියල. (තාමත් ඒක හීනයක් විතරයි) කවුරුත් එහෙම හිතන්න ඇති .
. ජෝතිපාල මිල්ටන් පෙරේරා වගේ ගායකයන්ට ස්වර්ණමය ගායන හැකියාවක් තිබුනා . ඒත් ස්වතන්ත්‍ර ගී කීයද ඔවුන් ගැයුවේ. එවැනි ගයක ගායිකාවන් රැසකගේ හැකියාවන් බොහෝදුරට අපතේගියා කියලයි මට හිතෙන්නේ.
නව පරපුරේ ගී වල පදමාලාවේ අඩුපාඩු ඇති. ඒවායේ කාව්‍යමය අගයේ අඩු ලුහුඬු ඇති .ඒත් පාසල් වලින් සාහිත්‍යය ඉතිහාසය වගේ දේවල් ඉවත්කලේ අපිනම් දරුවන්ගේ අඩුපාඩු වලට වගකියන්න ඕනෙත් අපිමතමයි .
. සුනිල්ගේ " මේ තරම් සියුමැළිද කළුගල් "පදවැල හා තනුව අලුත්පරපුරේ. ඒ ගීතය ඇහෙනකොට මට මතක්වන්නේ සේකර ඩෝල්ටන් රත්න ශ්‍රී ..........අමරදේව වික්ටර් ...........
වගේ යුගපුරුෂයින්.
. නව පරපුරේ සන්ගිතඥන් ගායකයින් අලුත් හා අපූර්ව අත්හදාබැලිම් රාශියක් කරනබව පේනවා. ඔවුන්ට එයට ශක්තිය තිබෙනබව මට හිතෙනවා
සංස්කෘතික ප්‍රවාහය නිතර භාධක ගල්පරවල හැපී අලුත්විය යුතුයි.
මට නම් අලුත් පරපුරේ සමහර ගී නවතාවයෙන් යුක්තව රසවිඳින්න පුළුවන්. හැබැයි නව පරපුරත් දැනගන්න ඕනේ අපට ඉතිහාසයක් සම්ප්‍රදායක් වටිනාකමක තිබුන බව .මුල් සිඳගත්තොත් බොහෝ දෑ නැතිකරගතහැකියි.
. අලුත් කොල්ලො අගය කරමු. ආදරයෙන් සෙනෙහසින් යුතුව හරිමඟ පෙන්නමු.

No comments:

Post a Comment