. ලංකාවේ ජනප්‍රිය පාසල් 350 ක් තිබෙනවා යැයි හිතමු. මේවායින් 250 කට 5 ශ්‍රේණියේ විභාගයෙන් සමත් දරුවන් ඇතුල් කරනවා කියලා හිතමු.
. මේ 250 න් පාසල් 200 කට 1 ශ්‍රේණියෙන් පන්ති 2 ක බැගින් තිබුනොත් (250 * 40 * 2 # 20000 ) සිසුන් 20000 ක් 1 ශ්‍රේනියෙන්ම ඇවිත්.
. 5 හේ විභාගයෙන් සාමාන්යයෙන් ඇතුල් වන ගණන 35000 ක් (ශිෂ්යාධාර ලබන ගණන 15000 ක් ) කියල හිතමු.
මුලින් සඳහන්කළ 20000 ඒ පාසල්වල හිටියේ නැතිනම් ජනප්‍රිය පාසල්වලට 5 විභාගයේ ලකුණු අනුව ළමුන් ( 35000 - 20000 #55000 ) පනස් පන් දහසක් ඇතුල් කරන්න පුළුවන්.
නිදහස් අද්‍යාපනය අප සැමගේ මූලික අයිතිවාසිකමක් නම් තරග විභාගයකින් හෝ ජනප්‍රිය යැයි සම්මත පාසලකට දරුවන් වැඩි ප්‍රමාණයකට ඇතුල් වීමට ඉඩ ලැබෙනවානම් කොච්චර හොඳද .
. ලංකාවේ ජනප්‍රිය යැයි සම්මත පාසල් වලට 5 විභාගයෙන් ඇතුලත් කරගන්නේ අඩු සිසුන් ප්‍රමාණයක්. බොහෝ පාසල්වල 1 ශ්‍රේණියේ සිට පන්ති ගණනාවක් පැවැත්වෙන නිසා 6 ශ්‍රේණියේදී වැඩිකළහැකිවන්නේ සීමිත පන්ති ගණනක්. ( ඒ කියන්නේ අඩු සිසුන් ගණනක්. )
මා මුලින් නිදසුනක් ලෙස දැක්වූයේ එයයි.
. සැමට වඩාත් සාධාරණයක් සිදුවනලෙස ජනප්‍රිය පාසල් බෙදාදියහැකි එක් ක්‍රමයක් වන්නේ ඒවායේ පන්ති 6 ශ්‍රේනියේ සිට ඇරඹීමයි.
එවිට 5 ශ්‍රේණි විභාගයේ සමත් ලකුණ ( මෙවර 163 ) වඩාත් පහලට දමන්න හැකිවේවි.
. දුප්පත් අහිංසක දෙමාපියන්ගේ දක්ෂ දරුවන් විශාල සන්ක්යාවකට වැඩි අවස්ථා ලැබේවි.
. මෙයින් 5 විභාගය හා එයින් දරුවාට අත්වන පීඩනය , සුන්දර ළමාකාලය ඔවුන්ගේ දෙමාපියන් විසින් දරුවාට අහිමි කිරීම මා විසින් සාධාරනිකරණය කරන්නේ නෑ .
දුප්පතාගේ දරුවාට ඇති අවස්ථා අනුන් විසින් සියුම්ව අහිමි කිරීමයි පැවසුවේ
ඇත්ත සන්ක්යා මෙයට වඩා ලොකුයි. අවස්ථා අහිමි කරවීම මෙයට වඩා තිත්තයි.
No comments:
Post a Comment