Saturday, October 31, 2015
ගුටි පූජව
පාරේ ලොකු කලබලයක් වුනා. දරුවන්ගේ ලේ සෙලවුනා.හැම ටී වී එකේම
පත්තරේම උණු ආප්ප වගේ නිවුස් එක බෑවා.බලනඅය තමාට කැමති දැක්මට අනුව
ළමයින්ට පොලීසියට රජයට , මේ ක්‍රමයට හා වෙනත්අයට දෙහිකැපුවා. දරුවන්ගේ
ප්‍රශ්නය කුමක්ද කියලනම් මාධ්‍යයෙන් කිවුවේ නෑ (මම දැක්කෙනැද්ද මන්දා ) .
පස්සේ මට එෆ් බී එකේ පොස්ට් එකක් දැකලා තමයි ප්‍රශ්නේ ටිකක්හරි තේරුනේ.
පුදුමයි නේද? මට තේරෙන විදිහටනම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. රජයකට නම්
මේක අමාත්‍යාංශවල විෂයයන් මාරුකිරීම වගේ සුළුඑකක් වෙන්නත් පුළුවන් .එහත්
දරුවන්ගේ ජීවිතයට සෘජුවම බලපාන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් .ඉසෙඩ් ස්කෝර්
එක අනුව තෝරාගත් විශේෂ පිළිගැනීම් සහිත පාඨමාලාවන් උසස් අධ්‍යාපන
අමාත්‍යාන්ශයෙන් ව්රුත්තීය පහුණු අමාත්‍යාංශයට මාරු කිරීමනිසා තත්වය
පහලවැටේවි යන කරුනනිසා ඇතිවූ ප්‍රශ්නයක්. විශ්ව විද්‍යාලයට තමාට අවශ්‍ය
පාඨමාලාවට ඇතුළුවිය නොහැකිනම් ( ඉසෙඩ් ස්කෝර්එක චුට්ටක් අඩුනම්) යන්න
පුළුවන් ඊළඟ පාඨමාලාව මේවා තමයි. ( මට මතක විධිහට උපාධිධාරී පත්වීම් දෙනකොට
මේ දරුවන්ටත් පත්වීම් ලැබුණා.මා නිවැරැදිනම් දරුවන්ගේ ප්‍රශ්නයේ සාධාරණයක්
තිබෙනවා නේද? ) ඒ එල් සමත්වූ සියලු සිසුන්ට ක්‍රමක්‍රමයෙන් උපාධි ,
පශ්චාත් උපාධි , ආචාර්ය උපාධි හා වෙනත් වරුත්තීය සුදුසුකම් ( සිමා , සිම් ,
චාර්ටඩ් ........වැනි )ලබාගැනීමට ඇති භාධා ඉවත් කළයුතුයි. රටේ සෑම
දරුවකුටම නිර්භාදකව අද්යාපනික හා වරුත්තීය සුදුසුකම් ලබාගැනීමට දුන්නොත්
ලංකාවේ රැකියා අවස්ථා නොමැතිනම් පිට රටවල හෝ උසස් වේතන ඇති රැකියා අවස්ථා
උදාවේවි. . ලංකාවේ සරසවි වලට හා රජයේ ආයතනවලට මේ ඉල්ලුම පිරවිය
හැකිද යන්න වෙනම ප්‍රශ්නයක්. කොහොම වුනත් මේ කරදරවලට මුහුණදීමට අකමැති
අමාරුවෙන් හෝ මුදල් සොයාගතහැකි අය දරුවන් පිටරට යැවීම නිසා පිටරට ඇදීයන
මුදල් කන්දරාව රටට මහ බරක්. . මාද්‍ය කරුවන්ට විශාල ප්‍රචාරයක් ලබාදිය
යුතුව තිබුනේ සැබෑ ප්‍රශ්නයටයි. ප්‍රතිපලයට නොවේ. . මහපොළොවේ කැකෑරෙන ,
මිනිසුන්ට සෘජුවම බලපාන ප්‍රශ්න ඕනේ තරම් තියෙනවා. "ඇන් ඉයර් ටු ද
ග්‍රවුන්ඩ්" මාධ්‍යකරුවාගේ "මොටෝ " එකක් නම් හා තමා අවට සිදුවන වෙනස ඔහුට
දැනෙනවානම් , ජනතාවගේ හදවතේ රිද්මය ඔහුට ඇසෙනවානම් , තුවාලය ඔඩු දුවනකම්
ඉඳලා සැරව බලන්න වෙන්නේ නෑ.මාධ්‍යකරුවා ජනතාවට ඉදිරියෙන් සිටියයුතුයි. ඔහු
දරා සිටින මාධ්‍යය නැමති තියුණු සැත මිනිසාගේ ප්‍රගමනය සඳහා යෙදීම වඩාත්
යහපත් කාර්යයක් වනුඇති. ඔහු එසේ කළානම් සිදුවූ කේදවාචකය නොසිදුවීමටත් ඉඩ
තිබුනා නේද? මෙම වයස් කාණ්ඩයේ දරුවන් කොහොමටත් අවේගශීලීයි. ප්‍රවේගකාරීව
හැසිරීම ඒ වයසට ආවේනිකයි. මෙම ප්‍රශ්නය ප්‍රසිද්ධියේ සංවාදකලානම් කොපමණ
හොඳද ? හැබැයි එතකොට බ්‍රේකින් නිවුස් , ලොමුදැහැගැන්වෙන ජවනිකා , උණුසුම්
සංවාද , කුණුරස හා ලේරස නෑ . රජයට ශිෂ්‍යයින්ට දෙමාපියන්ට උගතුන්ට හා
විරුද්ධ මතධාරී දේශපාලකයන්ට එක්වී සංවාදකර පැහැදිලි විසඳුමකට යන්න තිබුණා
යයි මට හිතෙනවා. ලෝකය වඩාත් යහපත් තැනක් වුනොත් අපිට කෙසේවෙතත් දරුවන්ගේ
ලෝකය ආලෝකමත් වේවි. කෝටි දෙකතුනක් වන ශ්‍රී ලංකාවේ අනාගත ජනතාවෙන්
වැඩිකොටසකටකට ඉසුරුමත් රැකියා අවස්ථා ඇත්තේ පිටරටවලයි යන්න මගේ අදහස. ඒ
සඳහා සෑම දරුවකුම සුදුසුකම් සහිත නිපුණයකු වියයුතුයි.
Wednesday, October 28, 2015
අලුත් කොල්ලන්ගෙ සින්දු !
හිතෙන හැටි
"අලුත් කොල්ලන්ගෙ සින්දු කමකට නෑ "මම අඳුරන හුඟක් අය (අපේ අයගෙ වයස හිතාගන්න පුළුවන්නේ )කියන්නේ එහෙමයි. අපිට ඇත්තටම කියන්න පුලුවන්ද එහෙම කියන්න යුතුකමක් තියෙනවද කියනඑකයි ප්‍රශ්නෙ
. තරුණයන්ගෙ ලෝකය හැදුවේ අපිනොවෙයිද ඒගොල්ලන්ගේ , වැඩිහිටියො දෙමවුපියො ගුරුවරු ඒගොල්ලෝ අහපු බලපු ජනමාධය මෙහෙයවුයේ , අත්විඳි ලොව නිර්මානයකලේ අපි. 1948 සිට රට පාලනය කලේත් කරන්නෙත් අපි.
මට මතක තියෙන්නේ 1960 ගණන් වල ඉඳලා .70 කාලේ අපි (ඒ කාලෙ කොල්ලෝ) හිතුවේ ජරා දේශපාලනය 80, 90 වෙනකොට ඉවරවෙලා රට හැදෙයිකියල. (තාමත් ඒක හීනයක් විතරයි) කවුරුත් එහෙම හිතන්න ඇති .
. ජෝතිපාල මිල්ටන් පෙරේරා වගේ ගායකයන්ට ස්වර්ණමය ගායන හැකියාවක් තිබුනා . ඒත් ස්වතන්ත්‍ර ගී කීයද ඔවුන් ගැයුවේ. එවැනි ගයක ගායිකාවන් රැසකගේ හැකියාවන් බොහෝදුරට අපතේගියා කියලයි මට හිතෙන්නේ.
නව පරපුරේ ගී වල පදමාලාවේ අඩුපාඩු ඇති. ඒවායේ කාව්‍යමය අගයේ අඩු ලුහුඬු ඇති .ඒත් පාසල් වලින් සාහිත්‍යය ඉතිහාසය වගේ දේවල් ඉවත්කලේ අපිනම් දරුවන්ගේ අඩුපාඩු වලට වගකියන්න ඕනෙත් අපිමතමයි .
. සුනිල්ගේ " මේ තරම් සියුමැළිද කළුගල් "පදවැල හා තනුව අලුත්පරපුරේ. ඒ ගීතය ඇහෙනකොට මට මතක්වන්නේ සේකර ඩෝල්ටන් රත්න ශ්‍රී ..........අමරදේව වික්ටර් ...........
වගේ යුගපුරුෂයින්.
. නව පරපුරේ සන්ගිතඥන් ගායකයින් අලුත් හා අපූර්ව අත්හදාබැලිම් රාශියක් කරනබව පේනවා. ඔවුන්ට එයට ශක්තිය තිබෙනබව මට හිතෙනවා
සංස්කෘතික ප්‍රවාහය නිතර භාධක ගල්පරවල හැපී අලුත්විය යුතුයි.
මට නම් අලුත් පරපුරේ සමහර ගී නවතාවයෙන් යුක්තව රසවිඳින්න පුළුවන්. හැබැයි නව පරපුරත් දැනගන්න ඕනේ අපට ඉතිහාසයක් සම්ප්‍රදායක් වටිනාකමක තිබුන බව .මුල් සිඳගත්තොත් බොහෝ දෑ නැතිකරගතහැකියි.
. අලුත් කොල්ලො අගය කරමු. ආදරයෙන් සෙනෙහසින් යුතුව හරිමඟ පෙන්නමු.

අපි පොඩි කාලෙදී නැවතිලා හිටියේ මරදානේ. ඒ කාලෙ අපි හුඟක්ආස කරපු දෙයක් තමයි මැයි දින පෙලපාලිය.නිල් රතු කොල ආදි විවිධපාටින් බැනර් අරගෙනයාම හා සටන්කාමීන්ගේ හඬ තාම මතකයි.
ඩඩ්ලිගෙ අලේ
ජාතික පොලේ

මොකද සිරිමො ගඳ
කුනු කරෝල ගඳ
......... සිරිමට එන්න කියාපිය
මේවට උත්තරදෙන්න කියාපිය
ජේ ආරා
වල් ඌරා
කොඩි වනාගෙන , රබන් ගහගෙන ,නට නටා යනකොට බලාගෙන හිටපු අපිට තිබුනු ජොලිය කියන්න බෑ .
මරදානෙ පොලීසියෙ දෙමටගොඩ පාර පැත්තට වෙන්න තිබුන තාප්පෙ අයිනෙ තාප්පෙට අල්ලලා තාවකාලික හට් කඩ තිබුනා. මැදි වයසෙ ජෝඩුවක් පොලීසිය අයිනෙ කඩයක් දාගෙන හිටියා.
ඇත්ත
ජනදින
ජන සතිය වගේ පත්තර ඒ කඩේ වික්කා. සෙප්තැම්බර් මාසෙ 26 වෙනිදාට හමුදුරුවො වඩම්මල සාන්ගීක දනයක් එගොල්ලො හැම අවුරුද්දකට සැරයක් දුන්නා.
පොඩි ලමයි පෙලපාලි බලන්න ඩෙමටගොඩ පාරට, මරියකඩේ පාරට එල්ෆිනිස්ටන් එක ලඟට පොලීසිය ලඟට දිවුව.
මාසයක් දෙකක් යනකම් අපේ ලොකුම සෙල්ලම පෙලපාලි යන එකයි.

. ලංකාවේ ජනප්‍රිය පාසල් 350 ක් තිබෙනවා යැයි හිතමු. මේවායින් 250 කට 5 ශ්‍රේණියේ විභාගයෙන් සමත් දරුවන් ඇතුල් කරනවා කියලා හිතමු.
. මේ 250 න් පාසල් 200 කට 1 ශ්‍රේණියෙන් පන්ති 2 ක බැගින් තිබුනොත් (250 * 40 * 2 # 20000 ) සිසුන් 20000 ක් 1 ශ්‍රේනියෙන්ම ඇවිත්.
. 5 හේ විභාගයෙන් සාමාන්යයෙන් ඇතුල් වන ගණන 35000 ක් (ශිෂ්යාධාර ලබන ගණන 15000 ක් ) කියල හිතමු.
මුලින් සඳහන්කළ 20000 ඒ පාසල්වල හිටියේ නැතිනම් ජනප්‍රිය පාසල්වලට 5 විභාගයේ ලකුණු අනුව ළමුන් ( 35000 - 20000 #55000 ) පනස් පන් දහසක් ඇතුල් කරන්න පුළුවන්.
නිදහස් අද්‍යාපනය අප සැමගේ මූලික අයිතිවාසිකමක් නම් තරග විභාගයකින් හෝ ජනප්‍රිය යැයි සම්මත පාසලකට දරුවන් වැඩි ප්‍රමාණයකට ඇතුල් වීමට ඉඩ ලැබෙනවානම් කොච්චර හොඳද .
. ලංකාවේ ජනප්‍රිය යැයි සම්මත පාසල් වලට 5 විභාගයෙන් ඇතුලත් කරගන්නේ අඩු සිසුන් ප්‍රමාණයක්. බොහෝ පාසල්වල 1 ශ්‍රේණියේ සිට පන්ති ගණනාවක් පැවැත්වෙන නිසා 6 ශ්‍රේණියේදී වැඩිකළහැකිවන්නේ සීමිත පන්ති ගණනක්. ( ඒ කියන්නේ අඩු සිසුන් ගණනක්. )
මා මුලින් නිදසුනක් ලෙස දැක්වූයේ එයයි.
. සැමට වඩාත් සාධාරණයක් සිදුවනලෙස ජනප්‍රිය පාසල් බෙදාදියහැකි එක් ක්‍රමයක් වන්නේ ඒවායේ පන්ති 6 ශ්‍රේනියේ සිට ඇරඹීමයි.
එවිට 5 ශ්‍රේණි විභාගයේ සමත් ලකුණ ( මෙවර 163 ) වඩාත් පහලට දමන්න හැකිවේවි.
. දුප්පත් අහිංසක දෙමාපියන්ගේ දක්ෂ දරුවන් විශාල සන්ක්යාවකට වැඩි අවස්ථා ලැබේවි.
. මෙයින් 5 විභාගය හා එයින් දරුවාට අත්වන පීඩනය , සුන්දර ළමාකාලය ඔවුන්ගේ දෙමාපියන් විසින් දරුවාට අහිමි කිරීම මා විසින් සාධාරනිකරණය කරන්නේ නෑ .
දුප්පතාගේ දරුවාට ඇති අවස්ථා අනුන් විසින් සියුම්ව අහිමි කිරීමයි පැවසුවේ
ඇත්ත සන්ක්යා මෙයට වඩා ලොකුයි. අවස්ථා අහිමි කරවීම මෙයට වඩා තිත්තයි.

. මේ දවස්වල ලංකාවෙ අයගෙන් කොටසකට දිවා රෑ හිතට එන ප්රශ්නය වන්නේ දරුවා හොඳ පාසලකට දමා ගැනිම.
කසාද බඳින්නත් ඉස්සෙල්ල තමයි සමහරු මේක සැලසුම් කරන්නෙ. හොඳ යැයි සම්මත පාසලකට සමීප ලිපිනයක විවාහය ලියාපදිංචි කිරීම , එම නිවසේ චන්දදායක නාමලේඛනයට දෙදෙනාගේම නම් ඇතුලත් කිරීමේ සිට දසකුත් එකක් සත්‍ය හෝ ව්‍යාජ ලේඛන සකස් කරන්න පටන්ගන්නවා
මේනිසා වැඩිපුරම අසාධාරණයට පත්වන්නේ ඇත්තටම ළඟ ඉන්න පදිංචිකරුවන්.
ආදි සිසු ගණය යටතේද ලොකු ප්‍රතිශතයක් ඇතුල්වනවා
ලංකාව පුරාවටම අධිකවූ තරගකාරීතත්වයක් ඇති පාසල් 350 ක් තිබෙනවා යැයි හිතුවොත් හා ආදි සිසුන් ලෙස පන්තියකට ඇතුලුවන ප්‍රමාණය ගණනය කළහොත් සන්ක්යාව කොපමණ ඇතිද ?
. ආදි සිසු ගනය යටතේ පාසලට සිසුන් ඇතුලත් කිරීම නිවැරදි නම් සරසවියටත් එහෙම කෝටාවක් හදමුද?
. එතකොට තාත්තයි අම්මයි දෙදෙනාම දොස්තරවරුන් වුනොත් හා දෙදෙනාම කොළඹ වයිද්‍ය විද්‍යාලයේ වුනොත් අඩුම අඩු ඉසෙඩ්ස්කෝර් එකක් ඇති පුතාට හෝ දුවට කලම්බු මෙඩිකල් .........................
අනිත් කැම්පස් වලටත් සියලුම විෂයධාරා වලටත් මෙහෙම වුනොත් උපාධියක් නැති දෙමාපියන්ට ...................
පොදු ජනයාගේ වහරින්
අබ සරණයි. !!! .

. පරිසරයේ ඉන්න කුරුල්ලෝ වඳුරෝ වගේ සතුන් දිහා බලන්න. කෑමට ගෑනු සතුන්ට සීමා මායිමවලට බලයට හා වෙනත් බොහෝ දෑ වලට ඇඟේ පතේ හයිය පෙන්වනවා. කැලයේ නීතිය එකයි.
ඩාවින්ගේ පරිණාම වාදය
. සවයිවල් ඔෆ් ද ෆිටස්ට්.
වඩාත්ම සුදුසු එක්කෙනා ඉදිරියට යනවා.
. මිනිස්සුත් ඇත්තටම එහෙමයි.
. ධනය බලය .....තන්හාව වයිරය ක්‍රෝධය ලෝභය ඊර්ශ්යාව මෝඩකම කැමැත්ත භය ද්වේශය වගේම තවත් ඒවගේ සිතිවිලි සත්ව ලෝකයේ පැහැදිලිව පෙන්න තියෙන දේ .
. මිනිසාත් සත්වයින්ටම අයිතිවෙනවනේ .ඉතින් මේ මනෝභාවයන් මිනිස්සුන්ට අමුතු ඒවා නොවේ.අවුරුදූ දශ ලක්ෂ සිය ගණනක් තිස්සේ මිනිස්සුන්ට සත්ව පරම්පරා ගණනාවක් ඔස්සේ උරුමවූ දේ .
. මිනිසාට මනසින් උසස්වූ නිසා මනුෂ්‍ය කියලා කියනවා. එසේනම් ඉහත මනෝභාවයන් වෙනුවට මයිත්රිය කරුණාව මැදහත්බව උපෙක්ෂාව හා එයට වඩා හොඳ දේ මිනිසා තුලින් පිළිබිඹු විය යුතුයි.
අපිට සමාජයෙන් අද දවසේ දක්නට ලැබෙන්නේ මුලින් කී දෑයි .මිනිසාට ජන්මයෙන් හා පරම්පරාවෙන් ලැබී ඇත්තේ ඒවායි. එමනිසා වෙන්න ඇති හැම තිස්සෙම අපි ඒවැනි ගතිලක්ෂණ ප්‍රකට කරන්නේ .
. මේ අනුව ප්‍රකුර්ථිය ද්වේශය වයිරය තණ්හාව වගේ සිතිවිලි.
. විකුර්ථිය කරුණාව මයිත්රිය වගේ හොඳ යයි සම්මත සිතිවිලිද ?....................

එක ශ්‍රේණියේ ........ ඉතිරිය
පාසලේ වැඩ නිසි පරිදි ඉටුවුනාද ඉටුකලාද කියල කාටත් පහසුවෙන් බලාගන්න (විෂයය කොටස් හා වෙනත්දේ ) වැඩ කුඩා කොටස් වලට කඩා තිබෙනව කියමුකෝ. එම කොටස් වලට නිපුණතා කියලා නමක් දාල තියෙනවා. දරුවාගේ පුංචි ඇඟිලිවලින් කතුර නිවැරදිව ඇල්ලීම , කඩදාසියක වෘත්තාකාර දෙයක් තබා රවුමක් ඇදීම , කඩදාසිය එක අතකින් හා කතුර අනෙක් lඅතින් අල්ලාගෙන රවුමක් නිවැරදිව කැපීම නිපුණතා කිහිපයක සංකීර්න එකතුවක්. l
ළමයා කියන්නේ පුංචි මිනිහෙක් කියලා හිතන අයටනම් මේක මහා දෙයක් නොවෙයි. නමුත් ළමයා ළමයෙක්ම වනනිසා ( පුංචි දරුවෙක් නිසා ) ඔහුට මේක වැරදි වැරදී සිය සැරයක් විතර කරන්න ඕනෑ වැඩක්.
ඉතින් මේ නිපුණතා ලැබෙන්න ඕනේ කාටද ?දරුවාටද නැතිනම් අම්මා ....තාත්තා නැන්දා වාගෙ අයටද ? අපි විසඳා ගතයුතු මූලික ප්‍රශ්නය එයයි.
දරුවා ## මා විසින් කලයුතුදේ ඔබ විසින් කරනවා නම් , මට මා වීමට ඉඩ නොදෙනවානම් මා කුමක් කරන්නද ? ##
මුලින් කියපු ක්‍රියාකාරකම් දරුවා විසින් කළකොත් ඒවා දැරුවාගේ නිපුණතා .
අම්මා කලොත් ඒවා
. අම්මගෙ නිපුනතා

එක ශ්‍රේණියේ පන්ති කාමරයක්. ටීච බරටම වැඩ. මේක ලංකාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන පාසලක්. පන්ති හය හතකට ළමයි දාන්න ඉල්ලුම්පත්‍ර දෙතුන්දහසක් එන පාසලක්.
මාව දැක්කගමන් ගුරුතුමී කලබලවුනා. ඒත් මම අතින් සංඥාකලා කලබලනොවී කරගෙනආපු විදිහටම වැඩ කරගෙනයන්න කියල.
පන්තිය පැක්වෙලා .බිත්තිවල පන්තියේ ඒ දිනවල කෙරෙන පාඩමවලට අදාල දෘශ්‍යාධාර .ඒ මදිවට කබඩ් ජනෙල්රෙදි . කොතරම් ලස්සනවුනත් පිළිවලටතිබුනත් දරුවා එයිනුත් යමක් ලබාග්ත්තත් පන්තියට එන වාතයෙන් හා ආලෝකයෙන් කොටසකුත් නැතිවෙනවා. දෙපාර්තමේනතුවේ උපදෙස් පරිදි සැකසූ පරිසර ගණිත සෞන්දර්ය ආදී උපකරණ සහිත මුළු අලංකාරව සැකසූ පන්ති පිරිසුදුකිරීමේ චාට් ආදියෙන් පන්තිය පිරිලා .සීලිමේ වැල්වල අකුරු එල්ලලා .තිබෙන ඉඩකඩ කොහොමහරි කළමනාකරණයකරගෙන මනරම් පන්තිකාමරයක් නිර්මාණය කරලා. ගුරුතුමියත් හරිම ප්‍රසන්නයි. ළමයි බරවැඩ .පන්තිය ඉස්සරහට ගිහිල්ලා සාම්ප්‍රදායික විදිහට ආයුබෝවන් කියුවොත් මුලු පන්තියේම මූඩ්එක යනවා.
ප්‍රාථමික පන්තිවල තියෙන්නේ කණ්ඩායම් ක්‍රමය. පුංචි ඩෙස් දෙකක් වටේ පොඩ්ඩෝ රවුමට වගේ එකතුවෙලා. පන්තියේ ළමයි හතලිස්පහකට වැඩිමිසක් අඩුනෑ .එලියේ පොරකන අම්මලයි තව කට්ටියයි ට්‍රයි කරන්නේ තව කීපදෙනෙක් පන්තියට දාගන්නේ කො හොමද කියලා.
හොඳ වෙලාවට ළමයි දෙන්නෙක් විතර ඇවිල්ලා නෑ .මම ළමයෙක්ගෙ පුංචි පුටුවක වාඩිවෙලා කට්ටිය එක්ක මිතුරුවුනා.
මට පාඩම මොකක්ද කියලා මතකනෑ .ඒවුනත් ක්‍රියාකාරකමට තිබුනේ විවිධ හැඩ ඇලවිල්ල. හැමෝම හැඩ ගෙදරින් කපාගෙන ඇවිල්ලා චූටි ඇඟිලිවලින් ගම් ගගා අලවනවා. ළඟ හිටපු බබාගෙන් මම ඇහුවා කවුද පුතා මේවා කැපුවෙ කියල .අපේ අම්මා .හෙමින් හෙමින් කට්ටියගෙන්ම අහුවා.
රූප කපලා තියෙන්නේ අම්මා තාත්ත ආච්චි සීයා නැන්ද මාමා බාප්පා පුංචි (අම්මද නැන්දද ..........) වගේ අය.

මේ කතාව එක්දහස් නවසිය හැටතුන හැටපහට විතර අදාල එකක් .අපේ අම්මයි තාත්තයි
දෙදෙනාම කාර්යබහුල රජයේ සෙවකයෝ .ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා දවල් බත්
කාල කරන්න වැඩක් තිබුනේම නැති තරම්. අපේ තාත්තගේ නීතිය අනුව අපිට වෙන ළමයි
එක්ක සෙල්ලම්කරන්න යාමට තිබුනේ හවස පහෙන් පස්සේ .
අපේ ගෙදර වෑල් රේඩියෝ එකක් තිබුනා. සංගීතය විසිපස් වසරකට පෙර කියලා සජීව වැඩසටහනක් තිබුනා. එහි එක්දහස් නමසිය හතලිස් පහට පෙර ගැයූ ගීත ටවර් හෝල් ගායකයෝ වගේ අය ගායනා කළ අයුරුත් ඔවුන්ට ලැබුනු අත්පොලසන් නාදයත් මට මතකයි. ඒක නිසා වෙන්න ඇති අදත් මම පැරණි ගීත රසවිඳින්නේ .
රාත්තල් පහේ හෝර්ලික්ස් බෝතලයකට වියලි මිදි දාලටතිබුන. මම තුනේ හෝ හතරේ පන්තියේ පොඩිඑකා .ඒවුනාට කියවලා නැති පොත්වලට තිබුනේ ලොකු අයියාගේ පාඩම් පොත් තමයි.
විජයබා කොල්ලය සිංහල ථූපවංශය සුනේත්‍රා හෙවත් අවිචාරසමය වගේ ඒවා.
ලොකු පුටුවක් උඩට නැගල කකුල් දෙකත් උඩටඅරගෙන සරමට මිදි අහුරකුත් දාගෙන එක එක කකා ඒපොත් බලපුහැටි තාම මතකයි. ආදරය ප්රේමය වගේ ඒවා හරියට වැටහුනේ නැතිවුනත් පොත්වල සිදුවීම් පොඩ්ඩාගේ හිතේ චිත්‍රනය කරන් ඩබ්ලිවූ එ සිල්වා ශූරීන් සමත්වුණා. අපි විඳපු නිදහස හා අපූර්වත්වය අද ළමයින්ට හීනයක්............

ගුවන්විදුලියේ හා රූපවාහිනියේ යන ආගමික වැඩසටහන් සහ ආගමික සිද්ධස්ථානවල ක්‍රියාකාරකම් වල ගුනාත්මක වගේම ප්‍රමාණාත්මක වර්ධනයක් තිබෙනවා වගෙයි පෙන්නේ .එහෙමවුනත් බණ අහනකොට සමහර හාමුදුරුවරු කියනවා මේ තරම් බනකියන බණ අහන රටේ එන්න එන්නම අපරාධ බහුලවීම ප්‍රශ්ණයක් බව. මටනම් හිතෙන්නෙ කරුණු පැටලිලා කියලයි .
ආගමික වැඩසටහන් වලට සක්ක්රියව සහභාගීවන අය අතින් වැරදී වීම සාපේක්ෂකව අඩු ඇති.
නමුත් එවෑණි අය ප්‍රමානත්මකව අඩුයි. බහුතරයක් බණ නිවැරදිව හෝ කොහොමවත්ම අහන්නෙ නැහැ .අද දවසේ කාර්යය තමයි බණ ඇහෙන්නෙ නැති ජනතාව කරා එය රැගෙනයාම.
පණිවිඩය අවශ්‍ය අයට ලැබෙන්නේ නැහැ .
පුංචි උදාහරණයක් කියන්නම්. අධ්‍යාපනය හා දරුවන් ලබා ගන්නා ප්‍රතිඵල බලන්න. ටිකක් ළමය් 9 ඒ හෝ 3 ඒ ලබනවා. කොටසක් 9 එෆ් හෝ ආසන්න ඵලයක් ගන්නවා. විභාග දෙපාර්තමේන්තුවේ දත්ත බලන්න .මේ සංක්යාව වර්ෂයකට ලොකු ගණනක්. ගැටළු ඇතිවන්නේද ඇතිකරන්නේද මේ අයට.ලංකාවේ අද්යාපන ක්‍රමයට මේ අය ඇමතීමේ ශක්තිය හෝ ශක්‍යතාවය ගිලිහී ගොසින්. මෙය දරුවාගේ වැරැද්දක් නොවේ .ප්‍රවේශයේ හා ඒ හා සබැදි පුද්ගලයන්ගේ හැකියාවේ කැපවීමේ හා දැනුමේ වගේම දරුවාට ශක්තීන් සපයන පුද්ගල සහ ආයතන සතු දුර්වලකමක්
.මෙය හඳුනාගෙන පිළියම් කිරීම නොකලොත් ලංකාව තවත් පහලට යයි .

මිටිය පොරව කියත මේසන් හෙන්ද නියන ගල් ඉන්න මුල්ලුව කියත වගේ ගොවියා වඩු හා
මේසන් බාස් උනනේහේ කාර්මික මහතා වාගේ නිෂ්පාදන කටයුතු වලට දායකවන අයට
අත්යවශ්ය උපකරණ කාණ්ඩ හතරකට විතර වර්ග කරන්න ඕනේ .ඒවාට යන වියදම අයවෙඇන්
කොටසක් රජය දරන්න ඕනේ .එම භාණ්ඩ රුපියල් 50 100 150 200 යන මිලට ඕනේ තරම්
වෙළඳ පොලට දමන්න ඕනේ .ඒවයින් වෙන වෙඩ කරන්න බැහැ . නිෂ්පාදනයට දයකවීම පමනි
කලහෙකි වන්නේ .එකෙන් තමයි පොඩි මිනිහට සහනයක් රිජුවම ලෙබෙන්නේ .එතකොට එම
සේවය ලබන්නාගෙන් අයවියුතු මුදලත් අඩුවනවා. නිෂ්පදකයටත් පරිබෝගිකයටත්
යන දෙදෙනාටම සහන ලැබෙන්නනම් ගොවි වඩු මේසන් හා වෙනත් යන්ත්‍රවල මිලට රිජු
සහනාධාර රජයන්ගෙන් ලබාදී පිරිවෙය අඩුකරන්න ඕනේ .අවශ්‍ය අසරණවූ හා මහළු අයට
රෝගීන්ට සහනාධාර මුදලින් දුන්නාට කිසි වරදක් නැ .වෙඩක් කරලා ශ්‍රමය
වෙයකිරිමටහෙකි මිනිසුන්ට ජනසවිය සමුර්දි කියලා මුදල්දීම චන්දවලට හොඳය්
.සහනාධාර ලබාගන්නා සමහර පවුල් වල පිරිමි මුදල් හෝ ද්‍රව්ය ලේබුනහම හොදට බීල
නිදි. හෙම යම එහෙම නෙමෙය් .රාජ්‍යයන් විසින් කලයුත්තේ ජනතාවට චන්ද අල්ලස්
ලබාදීම නොව දෙපයින් නෙගී සිටීමට මාර්ගය ශක්තිය අනුබලය ලදිමය් .බඩගින්නේ
සිටින මිනිසකුට මාළුවකු දීමෙන් ඔහු දවසක් ජිවත් කලහෙකිය
. මාළු අල්ලන හැටි කියාදීමෙන් පරපුරක් ජීවත් කල හැකිය.
පරණ චීන කියමනක්

Subscribe to:
Comments (Atom)