හිතෙන හැටි (දවල් හීන )
අපි බොහෝදෙනෙකුට කන්නන්ගර මැන්ටල් පොරක් විතරයි. අද කන්නන්ගර ශුරීන් පිළිබඳව දන්නේ නිදහස් අද්යපනයේ පියා කියල .ඒ වචන වැලෙයි පිම්පියා , ගුස්පියා , බෙම්පියා යන වචන වලයි එතරම් වෙනසක් පහේ විභාගයට යන දරුවෝ විතරක් නොවේ වයිද්යවරු , ඉංජිනේරුවෝ , නීතිඥයෝ වැඩි දෙනෙකු ඇත්තටම දන්නේ නෑ.
එතුමාගේ දැක්ම අද ඉන්න අද්යාපන බලධරයෝවත් දන්නවාද යන්න සැකයක්. . සාමාන්‍ය දේශපාලකයෝවත් , විප්ලවවාදී අදහස් දරන අයවත් කන්නන්ගර හදාරා තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් .
අද වෙනත් දේවල් වලට වාගෙම අද්යාපනයටත් තියෙන්නේ බලු පොරයක්. මේ වෙලාවේ මට මතක්වන්නේ සුප්‍රසිද්ද යමපල්ලන්ගේ කතාව. මතකද අපායෙ වලවල් වටේ මුරට යමපල්ලෝ හිටියත් එකෙක්හරි ගොඩයන්න හදනකොට වල ඇතුලේ ඉන්න ලංකාවේ අනිත්අයම ගොඩයන්න හදන කෙනාගේ කකුලින් කොහොමහරි ඇදල වලටම දාගන්නබව දන්නහින්ද ලංකාවේ වලට මුරට යමපල්ලෝ දැම්ම දවසට උන් ට්‍රිප්යන කතාව. .
එක්දහස් නමසිය හැත්තෑ දෙකේ විතර ආචාර්ය ප්‍රේමදාස උඩගම ( රණසිංහ ප්‍රේමදාස මහත්තය එහෙම නොවේ ) ඉදිරිපත්කල සැමට විද්‍යාව නමැති අද්යාපන සංකල්පය බොහෝදෙනා අහලාවත් නැතිව ඇති . ඒ කාලේ වෙනකන්ම අටේ පන්තියේ අවසානෙදි ළමයි බෙදනවා. කොහොම වුනත් මොනතරම් දක්ෂ ළමයෙකුටවත් ඉස්කෝලේ පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගෙන් වෙනත් පාසලකට යන්න බැරිවුනොත් ලෙඩේම තමා. .
ඒ කාලේ බහුතරයක් පාසල්වල තිබුනේ කලා විෂයයන් විතරයි. අංක ගණිතය , ඉතිහාසය ,භූගෝලය , සිංහල වාගෙ ඒවා. පස්සේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ප්‍රදේශයේ ටිකක් ලොකු ඉස්කෝලෙක කලා හදාරලා කැම්පස් එකෙන් කලා උපාදියක් ගන්න එකයි හැමෝටම සිදුවුනේ කොතරම් දක්ෂ වුනත් . ටික දෙනෙකුට කලාතුරකින් වාණිජ කරන්න හැකිවුණා .එහෙම පාසල් බොහොම ටිකයි තිබුනේ. ඉතාම කලාතුරකින් ( හරියට හාව හඳ දකින්නා වාගේ. ) කලා , වාණිජ හා විද්‍යා දරා තුනම අටේ පන්තියෙන් පස්සේ තියෙන ඉස්කෝල තිබුන. ඒකට ගිය වාසනාවන්ත ළමයින්ගෙන් වැඩි දෙනෙක් තිබූ පහසුකම් අනුව කලා ධාරාවටත් , ටිකදෙනෙක් වාණිජ ධාරාවටත් සීමිත පිරිසක් විද්‍යා දාරවටත් ගියා . දහයේ විභාගෙන් වැඩි දෙනක් අසමත් වුනා. විද්‍යා දරාවෙන් ලංකාවෙන්ම උසස් පෙලට සිටි අති සිමිතයනගෙනුත් කොටසක් සරසවි ගියා. . කොහොම වුනත් මද්‍ය විද්‍යාල හරහා පෙරකලදී සමාජ තත්වයනිසා උසස් අද්‍යාපනය පිළිබඳව සිහිනයක් හෝ නොතිබූ දහස් ගණනක් දරුවන් ආලෝකයට ගියා. .
අපේ අම්මා ගැමි පවුලක සාමාන්‍ය දරුවෙක්. නමසිය තිස්
ගණන්වලදී රජයේ විභාගයෙන් විශිෂ්ට අන්දමින් සමත්වී තාරකා ලකුනක්ද සහිතව සිළුමිණ පත්තරයේ ඇගේ නම පලවී තිබුනාලු. කන්නන්ගර යුගයට අසුවුනානම් වයිද්‍ය ඉංජිනේරු වැනි උපාදියක් ලබාගැනීමට තිබුනා .ඇය රජයේ හෙදියක් වුනත් ඉලක්කම් තුනක ගණනක් ඉලක්කම් දෙකක ගානකින් වැඩිකරන්න කල්කියුලේටරයකටත් වැඩිය පුළුවන්. .
ප්‍රේමදාස උඩගම නිසා ( 1970 -77අතර ) සියලුම රජයේ පාසල් වලට විද්‍යාව හා ගණිතය ( අංක , විජ හා ජ්‍යාමිතිය ඇතුලත් )හඳුන්වාදීම නිසයි අද තත්වෙට එන්න පුළුවන් වුනේ . . මේ හැමෝගෙම අරමුනවුනේ සිසුන්ට බාදක දාල අද්යාපනේ සිමා කිරීම නොවේ. බදා ඉවත්කොට සියල්ලන්ටම දොරටු විවුර්තකිරිම . අද අද්යාපානය කවර අයුරකින් හෝ සීමාකිරීම පිළිබඳව කතාකිරීමත් ඉතිහාසයේ අප පසුකර ආ කඩඉම් කරා නොදැනුවත්ව හෝ ආපසු යාමක්. .
අපි වෙනත් රටක රෝහලකින් ලංකාවේ ලබාගත නොහැකිතරම් විශේෂඥ ප්‍රතිකාර ලබනකොට එයාගේ පහේ , සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සුදුසුකම් බලනවාද. ? ............
එම වයිද්යවරයා ලංකාවෙන් යන එෆ් ආර් සී ඇස් , එම් ආර් සී පී , එම් ඩී යන පස්චාත් උපාධි සඳහා දේශකයෙක් වෙන්න බැරිද. ඔහු ලංකාවේ හිටියනම් වයිද්‍ය විද්‍යාලේ දිහා බලන්නවත් වෙන්නේ නෑ.

විභාගයක් කියන්නේ හැම දරුවකුම අවස්ථානුකුලව වෙනස්වන ලකුණු ලබාගන්නා එක්තරා ආකාරයක යල්පැනගිය ක්‍රමවේදයක්. මේක මෙහෙම නොවේනම් පහවසර , සා පෙළ , උසස් පෙල හා සරසවියේදී ලංකාවේ මුල් ලකුණු ලබාගත් සිසුන් දහය ඒ අයුරින්ම වගේ දක්ෂතා දක්වන්න ඕනේ. පසුගිය අවුරුදු විස්සේ ප්‍රතිඵල බලන්න . ඒක එහෙම නෑ. . අද්‍යාපනයට සිමා දැම්මේ වයිදික යුගයේ ඉන්දියාවේ වර්නශ්‍රම ධර්ම හඳුන්වාදුන් සමයේ. බුදුන්වහන්සේ , ක්‍රිස්තුස්වහන්සේ වැනි යුගපුරුෂයින් එකල ඒවා සිඳ බිඳ දැමුවා. .
දන්කාලේ පෙළපාලි යන සිසුන් , ඔවුන් අවුස්සන විද්වතුන් ඉදිරියේ කන්නන්ගර මොන බල්ලෙක්ද . මොන මැන්ටල් පොරක්ද . අවුරුදු දෙදහස් ගානකට ඉස්සර හිටපු උත්තමයෝ කවුද.
අපිනේ පොරවල්. අපිනේ ප්‍රාග්ඥයෝ. මනුෂ්‍ය අයිතිවාසිකම් සඳහා පෙනිසිටින්නෝ


